චෙන්නායි එක්ස්ප්‍රස් – Chennai Express – OFFICIAL TRAILER

Avatar Cinema.lk A | June 17, 2013 1201 Views 0 Likes 5 On 1 Rating

1201 Views 5 On 1 Rating Rate it

ෂාරුක් හා දීපිකා යුවළ රංගන දායකත්වය සපයන තවත් දැවැන්ත සිනමා සිතුවමකි චෙන්නායි එක්ස්ප්‍රස්.2012 වසරේ ඔක්තෝබර් මාසයේදී රූ ගැන්වීමේ කටයුතු ඇරඹී මෙම සිනමා සිතුවම රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණයකි.රෙඩ් චිලි එන්ටර්ටෙයින්ට්මන්ට් වෙනුවෙන් ශාරුක්ගේ බිරිඳ ගෞරි කාන් මෙම සිනමා සිතුවම සදහා බර පැන දරනවා.හින්දි හා දමිළ යන භාෂා දෙකෙන්ම නිර්මාණය වු මෙම චිත්‍රපටය අපිට කලින් හුරු පුරුදු බොලිවුඩ් චිත්‍රපටයකට වඩා වෙනස් ආරක් ගන්නවා.දකුණු ඉන්දියාව පසුබිම් කර ගෙන නිමැවුණු මේ චිත්‍රපටය වැඩිපුරම එහි වු මිනිසුන්ගේ ජීවන රටා උලුප්පා දක්වන්නේ ඊට අමුතුම මාදිලියේ රසයක්ද එක්කර ගනිමිනි.

මුම්බායි සිට රාමේෂ්වරම් දක්වා ගමන් ගන්නා තරුණයෙක් වටා ගෙතී මෙම චිත්‍රපටය මේ වසරේ අගෝස්තු මාසයේ දී තිරගත වීමට නියමිතයි.පහතින් ඇත්තේ පහුගිය දා එළි දැක්වු මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි.

 

Share

1201 Views 5 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.