Cicely Tyson ජීවිතයෙන් සමුගනියි.

Avatar Nisanka Weheraduwa | January 29, 2021 30 Views 0 Likes 0 Ratings

30 Views 0 Ratings Rate it

හොලිවුඩ් සිනමාවේ නිළියක මෙන්ම, ටෙලිවිෂනය සහ වේදිකාවේද නිළියක ලෙසද නිරූපණ ශිල්පිනියක ලෙසද දශක හතකට අධික කාලයක් තිස්සේ කටයුතු කළ Cicely Tyson මියගොස් ඇතැයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. ජනවාරි 28 වැනිදා (බ්‍රහස්පතින්දා) ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියයන විට ඇය 96 වැනි වියේ පසුවූ බවත් සඳහන්. ඇය මියගිය පුවත අගේ කළමණාකරු විසින් තහවුරු කොට තිබුනද කිසිදු පවුලේ නිවේදනයක මියයාමට හේතුව පිළිබඳව සඳහනක් කොට නැහැ.

1924 දෙසැම්බර් 19 වැනිදා උපත ලැබූ ඇය නිරූපණ ශිල්පිනියක සහ නිළියක ලෙස කටයුතු කොට තිබෙනවා. වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිවිෂන් මාධ්‍ය ඔසේද විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වන්නට ඇයට හැකියාව ලැබුනා. 1972 වසරේ නිර්මාණය කෙරුණු Sounder චිත්‍රපටයේ Rebecca Morgan ලෙස නිරූපණය කළ චරිතය වෙනුවෙන් ඇය Academy සහ Golden Globe සම්මාන උළෙල වල හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ඉන් 45 වසරකට පසු 2018 වසරේදී Academy සම්මාන උළෙලේ සුවිශේෂී රන් සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා. මීට අමතරව 2016 වසරේ එවක ජනපති බැරක් ඔබාමා විසින් ඇයට “Model of freedom” ලෙස සම්මාන පිරිනමනු ලැබූ අවස්ථාවේ මෙතෙක් තමා ලද වටිනාම ඇගයීම් සම්මානය එය බව ඇය පවසා තිබුනා.

ටෙලිවිෂන් තිරය ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇය මෑතකදී වැඩිපුරම කතාබහට ලක්වූයේ How to get away with murder ටෙලිවිෂන් මාලා නාට්‍යයේ ඇය රඟපෑ චරිතය හේතුවෙනුයි. හොලිවුඩ් සිනමාවට මෙන්ම අනිකුත් රූපණ ක්ෂේත්‍රයන්ටද එකලෙස වටිනා චරිතයක් වූ ඇය පිළිබඳව බොහෝ ප්‍රවීණ නළු නිළියන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා තිබුනා. තමාට කෙතරම් ශක්තියක්, ගෙන දීමට Cicelyගේ චරිතය හේතු වූවාදැයි ඒ බොහෝ සටහන් වලින් ඔවුන් පවසා තිබුනා.

Portrait of Academy Award winning American actress Cicely Tyson smiling and raising her arms in the air during a visit to London, February 19th 1973. (Photo by Dennis Oulds/Central Press/Getty Images)

US actress Cicely Tyson accepts an honorary Oscar at the 10th Annual Governors Awards gala hosted by the Academy of Motion Picture Arts and Sciences at the the Dolby Theater at Hollywood & Highland Center in Hollywood, California on November 18, 2018. (Photo by Robyn BECK / AFP) (Photo credit should read ROBYN BECK/AFP/Getty Images)

Share

30 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.