Sri Lanka's Best Cinema Portal

 

EXCLUSIVE : Fast & The Furious 7 හි පෝල්ගේ තැනට ඔහුගේ මල්ලී කෝඩි වෝකර්

0
Posted December 18, 2013 by Cinema.lk in Cine News
b17ec6c5d05175c1fddd36336c44d644

දරුණු රිය අනතුරකින් මිය ගිය Fast & The Furious චිත්‍රපට මාලාවේ සුපිරි නළු පෝල් වෝකර් ගැන පසුගිය දිනවල නැවතත් කතා බහ ඇති වුනේ ඔහුගේ පෙනුමට සමාන පෙනුම ඇති ඔහුගේ සහෝදරයා නිසාය. පෝල් වෝකර් මිය යන විට රූගත කිරීම් වලට දායක වෙමින් සිටි Fast & The Furious 7 චිත්‍රපටයේ අවසන් දර්ශණ කිහිපය සඳහා පෝල් වොකර් ගේ බාල සහෝදරයකු වන Cody Walker හට ආරාධන කර තිබෙනවා. මීට පෙර චිත්‍රපට සටන් රංග ශිල්පියෙකු ලෙස චිත්‍රපට කිහිපයකට දායක වූ කෝඩි තවමත් 25 වන වියේ පසුවන තරුණයෙක්.

පෝල් ගේ මරණයෙන් පසුව යුනිවර්සල් චිත්‍රපට සමාගම විසින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතර මඟ නවතා පෝල්ගේ ඥාතීන්ට සහයෝගය දීමට එම කාලය වෙන්කරන ලදී.

නිෂ්පාදක කණ්ඩායමයට සම්බන්ධ තොරතුරු මූලාශ සනාථ කර සිටින්නේ පෝල්ගේ මරණයෙන් පසුව විවිධ සාකච්චා ගණනාවක් සිදු කෙරුනු බවත් එයින් අනතුරුව පෝල් ගේ චරිතය සඳහා සුදුසුම විසඳුම වන්නේ ඔහුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති පෝල්ගේ සොහොයුරු කෝඩි බව තීරණය වූ බවත් ය. එහිදී පෝල් ගේ පිටුපස දර්ශණ හා දුරින් හිඳින දර්ශණ සඳහා කෝඩි ගැලපෙන බවත් පෝල් ගේ මුහුණ පෙනෙන දර්ශණ සඳහා පරිගණක සජීවීකරණ තාක්ෂණයේ සහායෙන් ඔහුගේ මුහුණ ප්‍රති නිර්මාණය කිරීමටත් තීරණය වූ බව පැවසේ.

article-0-1A012C3E00000578-174_634x426 article-2523314-19D258B800000578-886_634x666 article-2521855-1A060D0600000578-759_634x404 article-2522357-1A060B9900000578-519_634x380 article-2522357-1A0A5DF800000578-835_634x457 article-2517466-19CEE13000000578-98_634x949 article-2517466-19CEE01800000578-727_634x480

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2