Sri Lanka's Best Cinema Portal

 

Colombo PRIDE 2018 – අභිමානී චිත්‍රපට උළෙල 29 වැනිදා සිට

0
Posted June 29, 2018 by Nisanka Weheraduwa in Cine News
35199007_1727070264045538_1318483195263451136_n

යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වෙන්නක්. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙමින් ක්‍රියාකාරීව කටයුතු කරන EQUAL GROUND සංවිධානය මෙම සිනමා උළෙල සංවිධාන කරනවා. චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාව ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනියක් වන නිම්මි හරස්ගම එක්ව සිටියා.

මෙරට තවමත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දේශපාලනිකව ලැබී නැති බව බොහෝ දෙනාගේ අදහසක්. ශ්‍රී ලංකාවේ නීතියෙන් තවමත් මෙය සාපරාධී අපරාධයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් එම ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීම සහ සමාජීය වශයෙන් සාමාන් ලෙස පිළිගනිම කරා ලාංකේය සමාජය යොමු කරවීම වෙනුවෙන් Equal ground ආයතනය රටපුරා විවිධ වැඩසටහන් රැසක් පවත්වාගෙන යනවා. සිනමාව සමාජය ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙන්නක්. ඒ නිසාම Equal ground ආයතනය මෙවර Pride 2018 වැඩසටහන සඳහා යුරෝපීය සංගමය සමග එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබෙනවා.

ජුනි 30 වැනි සෙනසුරාදා වෘතාන්ත චිත්‍රපට පහක් සහ කෙටි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිතයි. කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ අංක 24 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂ්මන් කදීරගාමර් අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානයේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. ජුනි 30 වැනි සෙනසුරාදා තිරගත කෙරෙන චිත්‍රපට සහ එම කාලසටහන පහත සඳහන්.

01. Tom of Finland (Adults only)  – Finland  – 10.30am

02. North Sea Texas (All Audiences) – Belgium – 01.30pm

03. Monument of Pride (All Audiences)   – Netherlands – 3.50pm

04. Evening Shadows (All Audiences) – India – 6.00pm

05. Heavy Girls (All Audiences) – Germany – 8.15pm

මෙම වෘතාන්ත චිත්‍රපට වලට අමතර කෙටි චිත්‍රපට දෙකක්ද මෙදිනම තිරගත කිරීමට නියමිතයි.

01. Let’s Get Married (More suitable for adults)  – Taiwan – 3.30pm

02. Sistergirl (All Audiences)  – Australia  – 8.00pm

මෙම චිත්‍රපට සියල්ල නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන බවත් මේ සිනමාපට නැරඹීම සඳහා සිනමාලෝලින් වෙත විවෘත ආරාධනයක් සිදුකරන බවත් Equal ground ආයතනය පවසනවා.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2