COVID-19 අරමුදලට Lady Gaga, ඩොලර් මිලියන 35ක් රැස්කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරම්භ කොට තිබෙන COVID-19 මැඩලීම සඳහා වන අරමුදලට ඩොලර් මිලියන 35ක් රැස්කිරීමට හොලිවුඩ් රංගන ශිල්පිනියක සහ ගායිකාවක වන Lady Gaga සමත්ව තිබෙනවා. ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින්, ආයතන ප්‍රධානීන් සහ ධනවතුන්ගෙන් මෙම අරමුදල වෙත ලබාදීමට මෙම ඩොලර් මිලියන 35 ඇය විසින් දින 07ක් ඇතුළත එක්රැස් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම මුදල් ගෝලීය PPE සැපයුම්, පරීක්ෂණ කට්ටල ලබාගැනීම, විද්‍යාගාර ධාරිතාව ඉහළ නැංවීම වැනි ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවකදී Gaga පවසා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Tedros Adhanom Ghebreyesus මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. “මේ අසීරු මොහොතේ ලෝකයම එකට සිටින බවත්, අපට මේ තත්වයෙන් ගැලවිය හැක්කේ එකට එක්වීමෙන් පමණක්” බවත් ඔහු ප්‍රකාශ කළා. සෑම අයෙකුම මේ සටන වෙනුවෙන් සිය දායකත්වය ලබාදිය යුතු බවත් විනොදාස්වාදන කර්මාන්තයේ නියැලෙන්නන් හට ඒ සඳහා වැඩි දායකත්වයක් දැක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
“One World Together at Home.” තේමාවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට Global Citizen සංවිධානය සමග තමන්ද එක්වන බව Lady Gaga මෙහිදී තහවුරු කළා. අප්‍රේල් 18 වැනිදා රාත්‍රී 8 සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගයට Billie Eilish, Lizzo, Elton John, Chris Martin, Paul McCartney, Stevie Wonder ඇතුළු තවත් ගායන තරු රැසක් සහභාගී වීමටද නියමිතයි. “මේක කොරෝනා වෛරසය ලොවට හෙලිකළ මිනිසුන්ගේ සමගියේ බලය පෙන්වාදීමක්” බව සංවිධායකයින් සඳහන් කළා.
මේ අසීරුම මොහොතේ සිය ආදරණීයයන්, පවුල පවා අනතුරේ හෙලමින් ලෝක ප්‍රජාවගේ යහපත පිණිස සේවයේ දී සිටින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවකයින් වෙත සිය හදවතින්ම ආදරයත් ගෞරවයත් පිරිනමන බවත් ඔවුන්ගේ සේවය වෙනුවෙන් සියල්ලන්ටම හිසනමා ආචාර කරන බවත් Gaga තවදුරටත් ප්‍රකාශ කළා. රෝගී තත්වයට පත්වූවන්ට සියළු යහපතත් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කළ ඇය, ලොවපුරා කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සියලුම පුරවැසියන්ද සංවේගයෙන් යුතුව සිහිපත් කළා.
Written by Nisanka Weheraduwa