CSR මාසික සිනමා දැක්මෙන් මෙවර “හුස්ම” නරඹන්න

Avatar Nisanka Weheraduwa | February 25, 2020 225 Views 0 Likes 0 Ratings

225 Views 0 Ratings Rate it

මාසිකව සෑම මසකම අවසන් සෙනසුරාදා දින නවතම සිංහල චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර එම උණුසුමෙන්ම පේ‍්‍රක්ෂක විචාරක සංවාදයකට මුල පුරණ ආකාරයේ ආකෘතියක් සහිත  ‘‘ CSR මාසික විද්වත් කතිකාව’’ මෙවරත් පැවැත්වෙනවා. වැඩසටහනේ පෙබරවාරි කලාපය සදහා සිනමාවේදී සුදේශ් වසන්ත පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘‘හුස්ම’ සිංහල චිත‍්‍රපටය සම්බන්ධ විද්වත් සිනමා කතිකාවක් පැවැත්වීමට සූදානම්.  පෙබරවාරි 29 වන සෙනසුරාදා සවස 1.00 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී  මේ වැඩසටහන පැවැත්වෙනවා.

විචාරක භූපති නලින් වික‍්‍රමගේ, විචාරිකා උපේක්ෂා නුවන්ශ‍්‍රීනි, විචාරක තිවංක විශ්වනාත් ජයසේකර, විචාරිකා ලංකා බණ්ඩාරනායක විද්වත් මඩුල්ල වෙනුවෙන් අදහස් දක්වන අතර ප‍්‍රවීන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ සභාව මෙහෙයැවීම හා නිවේදනය සිදු කරනවා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය ඒකකය මගින් සංවිධාන කෙරෙන මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගින් සිදු කෙරෙනවා.

Share

225 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.