Demons in paradise විශේෂ දර්ශනය සහ සංවාදය කොළඹදී
ජූඩ් රත්නම් අධ්යක්ෂණය කළ Demons in paradise චිත්රපටය පිලිබඳ පසුගියදා දැඩි කතාබහක් සිනමා ක්ෂේත්රය තුළ ඇතිවුනා. ඊට ආසන්නම හේතුව වුනේ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලින් ඔහුගේ චිත්රපටය හේතු දැක්වීමකින් තොරව ඉවත් කොට තිබීමයි. චිත්රපටය තෝරාගත කරන බවට නිවේදනය කොට පසුව සිනමා උළෙලින් එය ඉවත්කොට තිබු බවත්, ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් තමාවෙත නොකළ බවත් අධ්යක්ෂ ජූඩ් රත්නම් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනා.
මේ අතර Demons in paradise චිත්රපටය කොළඹදී තිරගත කිරීමට “සිනමාවේ සහෘදයෝ” සංවිධානය කටයුතු යොදා තිබෙනවා. ඔක්තෝබර් මස 13 වැනිදා උදේ 9.00ට මෙම චිත්රපට දර්ශනය පැවැත්වීමට නියමිතයි. ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්රපට දර්ශනය පැවැත්වෙන බවත් චිත්රපටය තිරගත කිරීමෙන් අනතුරුව සංවාද මණ්ඩපයක් පැවතීමට කටයුතු යොදා ඇති බවත් සංවිධායකයින් නිවේදනය කරනවා. චිත්රපටය පිලිබඳ මූලික අදහස් දැක්වීම සඳහා අනුෂා සිවලිංගම් සහ විදර්ශන කන්නගර සහභාගී වීමට නියමිතයි.
Written by Nisanka Weheraduwa