Sri Lanka's Best Cinema Portal

 

Derana Sunsilk Film Awards පස්වැනි වරටත්

0
Posted September 18, 2017 by Nisanka Weheraduwa in Articles
21034180_926529627485311_5626830807988360879_n

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන උදෙසා දෙරණ මාධ්‍ය ජාලය අති දැවැන්ත මැදිහත් වීමක් සිදුකරනවා. Derana Sunsilk Film Awards, සිනමා සම්මාන උළෙල ආරම්භ කෙරුනේ එහි එක පියවරක් විදිහට. අඛණ්ඩව වසර හතරක්පුරා, වසරක්තුළ තිරගත කෙරුණු සිනමාපට අතුරින් විශිෂ්ටයින් සහ විශිෂ්ටතා ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය කටයුතු කළා. එහි පස්වැනි පියවර 2017 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේවනවිටත් සියලු කටයුතු සූදානම්.

වර්ෂ 2016 දෙසැම්බර් 31 වැනිදාට තිරගත වීම අවසන් කෙරුණුචිත්‍රපට මෙවර පස්වැනි Derana Sunsilk Film Award 2017 උළෙලේ ඇගයීම් සඳහා සුදුසුකම් ලබනවා. ඒ අනුව චිත්‍රපට 23ක් මෙවර සිනමාසම්මාන  සඳහා තරග වැදීමට නියමිතයි. පසුගිය වසර වලදී වගේම මෙවරත් කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරෙනවා.ජනප්‍රිය කාණ්ඩය නියෝජනය කරමින් ප්‍රේක්ෂක මනාපය අනුව ජනප්‍රිය අංශයේ සම්මාන ප්‍රධානය කෙරෙන අතරම ජූරියේ නිර්දේශ මත ප්‍රධානය කෙරෙන ජූරියේ ඇගයීම් කාණ්ඩයේ සම්මානත් මෙවරත් පිරිනැමීමට සැළසුම් කොට තිබෙනවා.

ඒ වගේම හෙට දවසේ සිනමාව සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම සිනමා Derana Cinema of tomorrow කාණ්ඩය යටතේ සිදු කිරීමටත් නියමිතයි. සිනමා ක්ෂේත්‍රය වර්තමානයේදී බොහෝ නව්‍යතා එක්ක අලුත් ගමනක යෙදෙමින් තිබෙනවා.“කෙටි චිත්‍රපටය” මේ යටතේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංශයක්. ඒ නිසාම ලංකාව පුරා විසිරී සිටින කෙටි චිත්‍රපට කරුවන්ගේ නිර්මාණ ඇගයීමටත් Derana Film Awards කටයුතු කොට තිබෙනවා. ඒ අනුව ලැබෙන අයදුම්පත් සළකා බැලීමෙන් වසරේ විශිෂ්ට කෙටි චිත්‍රපටය සඳහාත් දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මාන ප්‍රධානය කෙරෙනවා. Derana Cinema of tomorrow Film festival, ඔක්තෝබර් 1 සහ 2 වෙනි දින ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සියල්ල සුදානම්.

21616360_1432399420148868_5989404364139226848_n

2016 වසරේතිරගත කෙරුණු, 2017 Derana Sunsilk Film Awards සිනමා සම්මාන උළෙලේ ඇගයීම් සඳහා සුදුසුකම් ලැබූ සිනමා නිර්මාණ 23ක් මේ වනවිටත් නම්කොට අවසන්.

  1. පටිභාන – අධ්‍යක්ෂණය රබින් චන්ද්‍රසිරි
  2. විරවර්ණ – අධ්‍යක්ෂණය ශහිරු රණසිංහ
  3. නටන්නැතුව දින්නා- අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකර
  4. ජූලි හතයි- අධ්‍යක්ෂණය සංජය නිර්මාල්
  5. සිංහයා- අධ්‍යක්ෂණය වී. සිවදාසන්
  6. උලත් එකයි පිලත් එකයි – අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්ද
  7. පත්තිනි- අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්න
  8. සක්කාරන්- අධ්‍යක්ෂණය ආචාර්ය ධර්මසේන පතිරාජ
  9. හොරා පොලිස් – අධ්‍යක්ෂණය සුරංග ද අල්විස්
  10. ඇගේ ඇස අග – අධ්‍යක්ෂණය අසෝක හඳගම
  11. ආදරණීය කතාවක් – අධ්‍යක්ෂණය ප්‍රියන්ත කොළඹගේ
  12. පුතණ්ඩියා- අධ්‍යක්ෂණය තිසුල දීප තඹවිට
  13. Rainbow – අධ්‍යක්ෂණය නලින් නිශාන්ත රාජපක්ෂ
  14. මෝටර් බයිසිකල් – අධ්‍යක්ෂණය ශමීර රංගන නාඔටුන්න
  15. සුජාත පුත්‍ර – අධ්‍යක්ෂණය ශ්‍රීපාලි හෙට්ටිආරච්චි
  16. සයපෙති කුසුම – අධ්‍යක්ෂණය නීතිඥවිසාකේස චන්ද්‍රසේකරන්
  17. රජා මමයි – අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකර
  18. මායා- අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත
  19. සරිගම- අධ්‍යක්ෂණය ආචාර්ය සෝමරත්න දිසානායක
  20. හීරෝ නීරෝ – අධ්‍යක්ෂණය ප්‍රදීප් මහේෂ් ලියනගේ
  21. උසාවිය නිහඬයි – අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ
  22. හැටහතර මායම් – අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්
  23. Zoom – අධ්‍යක්ෂණය ශමීර වක්වැල්ල

මෙරට සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් නියෝජනය කරන ප්‍රවීණ ශිල්පීන්ගෙන් යුතු ජූරියක් මෙවරත් දෙරණ සිනමා සම්මාන සඳහා ඇගයීම් කටයුතු වලට දායක වනවා. ඒ ජූරියේ තීරණ අනුව මෙවර විශිෂ්ටතමයින් ඔක්තෝබර් 06 වැනිදා Derana Sunsilk Film Award 2017 උළෙලේදීඅභිෂේක ලබනු ඇති. සිනමාලෝලි ඔබ වෙනුවෙන් දෙරණ සිනමා සම්මාන උළෙලේ නවතම තොරතුරු සියල්ල cinema.lk වෙබ් අඩවියේ ගෙන එන්නට අපි සුදානම්.

සටහන : නිසංක වෙහෙරදුව

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2