දෙරණ සන්සිල්ක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය “තණ්හා රතී රඟා“

Avatar Cinema.lk A | November 14, 2015 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

තෙවන වරට සංවිධානය කරනු ලැබු දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රීය (13) අද දිනයේ නෙළුම් පොකුණ රංඟ ශාලාවේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.සිනමා ලෝකයේ දැවැන්ත තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙලේ දී පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපට 18 ක් සම්මාන ප්‍රදානය සඳහා අයඳුම් කර තිබුණා.ඒසේම තිරගත නොවුනු චිත්‍රපට සඳහාද “සිනමා ඔෆ් ටුමාරෝ“ කාණ්ඩය යටතේ සම්මාන දීමක් සිදුකෙරුණා.

ඒ ඇරුණු කොට උළෙලේ විශේෂත්වයක් වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු වසන්ත ඔබේසේකරයන් විශේ්‍ෂ ඇගයීමකට ලක් කීරිමයි..

සම්මාන උළෙලේ සම්මානයන්

හොඳම සිනමාපටය – තණ්හා රතී රඟා

හොඳම අධ්‍යක්ෂකවරයා – පරාක්‍රම ජයසිංහ – කේ සෙරා

හොඳම තිරරචනය – සරත් කොතලාවල සහ කුමාර තිරිමාඳුර – තණ්හා රතී රඟා

හොඳම නළුවා – සරත් කොතලාවල – තණ්හා රතී රඟා

හොඳම නිළිය – මිශෙල් හර්ෆත් – කේ සෙරා

හොඳම සහය නළුවා – හාන්ස් බිලිමොරියා – කේ සෙරා

හොඳම සහය  නිළිය – සුලෝචනා වීරසිංහ – තණ්හා රතී රඟා

හොඳම කැමරාකරණය – ධනුෂ්ක ගුණතිලක – තණ්හා රතී රඟා

හොඳම සංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේ – තණ්හා රතී රඟා

හොඳම සංගීතය – ගයත්‍රී කේමදාස – තණ්හා රතී රඟා

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – චමත් පරණවිතාන – රන්ජා

හොඳම ඇඳුම් නිර්මාණ – ඉමාරා ද සිල්වා – කේ සෙරා

හොඳම අංග රචනය – නාරද තොටගමුව – තණ්හා රතී රඟා

හොඳම කලා අධ්‍යක්ෂණය – රොෂාන් වර්ණකුලසුරිය – කේ සෙරා

හොඳම ප්‍රති වීර චරිතය – දමිත් ෆොන්සේකා – කේ සෙරා

හොඳම විකට චරිතය – සැන්ඩෝ හැරිස් – කේ සෙරා

හොඳම සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල – රන්ජා

හොඳම ගායකයා – ලෙලුම් රත්නායක

හොඳම ගායිකාව – උරේෂා රවිහාරි

ජනප්‍රියම නළුවා – රන්ජන් රාමනායක

ජනප්‍රියම නිළිය  – දිල්හානි අශෝකමාලා

 

 

සිනමා ඔෆ් ටුමාරෝ කාණ්ඩය

හොඳම කෙටි චිත්‍රපටය – විරාජ් ලියනාරච්චී – තර්කොස්කි මීට්ස් ගෝටෝ

හොඳම චිත්‍රපටය – මොටර් බයිසිකල් – ශමීර රංඟන

හොඳම අධ්‍යක්ෂණය – ඩර්ටි,යෙලෝ ඩාර්ක්නස් – කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ

 

 

 

 

 

Share

38 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.