Dr.නවරියන්ට SAITM ගැටලුවක්ද..??

Avatar Nisanka Weheraduwa | December 28, 2017 14 Views 0 Likes 0 Ratings

14 Views 0 Ratings Rate it

මේ දිනවල දිවයින පුරා අති සාර්ථක ලෙස තිරගත වන Dr.නවරියන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ප්‍රවීන නළුවෙක් වගේම ප්‍රබල අමාත්‍ය ධුරයක් දරන රන්ජන් රාමනායක බව මේ වනවිට රටම දන්නා කාරණයක්. අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතුත් කළා කටයුතුත් නිසා මේ දිනවල රන්ජන් රාමනායකට අධික වැඩ සහිත කාලයක් බව පැවසෙනවා. TVදෙරණ Champion Star වැඩසටහනේ රුගත කිරීම් සඳහා උදේ 10.00ට දර්ශන තලයට පැමිණෙන බවට පොරොන්දු වුන් අමාත්‍යවරයා 12.30 වන තුරුත් මේ ස්ථානයට නොපැමිණි නිසා නිෂ්පාදක කණ්ඩායමට පැය ගණනක් බලා සිටීමට සුදුවූ බව පැවසෙනවා. ඒ අතරේ ඒ ස්ථානයේ සිටි කණ්ඩායම ” Dr.නවරියන්ට SAITM  කේස්  එකක්ද දන්නෙත් නෑ” කියමින් අදාළ සියලු පුද්ගලයින් සම්බන්ධ කරගැනීමට දුරකථන ඇමතුම් ලබාදුන් බවත් පැවසෙනවා. නියමිත වේලාවෙන් පැය තුනකට පසුව රන්ජන් රාමනායක ඒ ස්ථානයට පැමිණියේ වෙහෙසත් කේන්තියත් නිසා හිත් කලකිරීමෙන් සිටි නිෂ්පාදක කණ්ඩායමට අමතක නොවෙන අයුරින් සිනා ගන්වන විහිලු කතාවකුත් කියමින් බවත් පැවසෙනවා. “පරම්පරාවෙන් උරුම ගති ඔව්වා” කියමින් අවසානයේ නිෂ්පාදක කණ්ඩායම මේ ඇමති නළුවාට විහිලු කළ බවත් සඳහන්.

Share

14 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.