Dunkirk ප්‍රධාන OSCAR සම්මාන පහක් සඳහා නිර්දේශ වෙයි

Avatar Nisanka Weheraduwa | February 14, 2018 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය ඇරඹි ඇති හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

නිර්දේශ නාමයන් නිවේදනය කිරීමෙන් අනතුරුව සම්මාන සඳහා තරගයේ ඇති සිනමාපට පිළිබඳව බොහෝ දෙනා අතර උනන්දුවක් ඇතිව තිබේ. මේ අතරින් ප්‍රධාන ධාරාවේ සම්මාන පහක් සඳහා නිර්දේශ වීමට Dunkirk හොලිවුඩ් සිනමාපටය සමත්ව ඇත. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය යනු සිනමා සම්මාන උළෙලක ඇති වැදගත්ම සම්මාන අංශ දෙකයි. එම අංශ දෙකෙන්ම සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට Dunkirk චිත්‍රපටය එක්ව තිබේ. එසේම හොඳම ශබ්ද සංකලනය (best sound mixing),  Production design, සහ Best original score යන සම්මාන සඳහාත් නිර්දේශ වීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබී ඇත.

2017 වර්ෂයේ නිෂ්පාදනය වූ Dunkirk සිනමාපටය දෙවන ලෝක යුද්ධ සාමය පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු යුධමය තේමාවක් සහිත චිත්‍රපටයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Christoper Nolan වෙයි. බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු, ප්‍රංශ, ජර්මානු, සම නිෂ්පාදනයක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය වී තිබිණ. 2017 වර්ෂයේ ජූලි මාසයේ ලන්ඩනයේ Odeon leiceste square, හිදී මේ චිත්‍රපටයේ සමාරම්භක දර්ශනය පවත්වා ඇත. Imax, 70mm සහ 35mm යන ආකාර තුනෙන්ම චිත්‍රපටය ලොව පුරා බෙදාහැර තිබිණ. 71 වැනි British academy film awards හිදී සම්මාන අටක් සඳහාත්, 75 වැනි Golden globe සම්මාන උළෙලේ සම්මාන තුනක් සඳහාත් නිර්දේශ වුනු dunkirk චිත්‍රපටය 90 වැනි OSCARv සම්මාන උළෙලේ සම්මාන පහක් සඳහා නිර්දේශ වී තිබේ. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස OSCAR සම්මාන උළෙලේ නිර්දේශ නාම අතරට එක්වීම අධ්‍යක්ෂ Christoper Nolanගේ සිනමා ජිවිතයේ ප්‍රථම ඇකඩමි සම්මාන නිර්දේශය බවද පැවසේ.

 

 

Share

42 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.