Expendables 04 හොලිවුඩ් සිනමාපටයට සියල්ල සූදානම්.

Avatar Nisanka Weheraduwa | September 11, 2021 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

නව Expendables සිනමාපටයක වැඩ කටුයුතු ආරම්භ කොට ඇති බවට හොලිවුඩ් මාධ්‍ය පසුගියදා වාර්තා කළා. මුල් චිත්‍රපට ත්‍රිත්වය මෙන්ම මේ නිර්මාණයේ ද ප්‍රධාන චරිත නිරූපණය කිරීමට Sylvester Stallone සහ Jason Statham  එක් වනු ඇති බවට ඔවුන් පවසනවා. ඊට අමතරව Dolph Lundgren සහ Randy Coutureද සුපුරුදු පරිදි තමන්ගේ චරිත නිරූපණය කිරීමට නියමිතයි. Lionsgate සහ Millennium Media ආයතන විසින් නිෂ්පාදනය කළ මෙම The Expendables movie franchise එකට ආරම්භයේ සිටම විශාල ජනප්‍රියත්වක් ලැබුනා. ’80 ’90 දශකවල ලෝක සිනමාවේ සිටි දැවැන්තම ක්‍රියාදාම නළු නිළියන් රැසක් බොහෝ කාලයකට පසු එකම චිත්‍රපටකින් දැකගන්නට ලැබීම නිසාම මේ චිත්‍රපට මාලාව වටා බොහෝ රසිකයින් ප්‍රමාණයක් එකතු වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට The Expendables චිත්‍රපට අධික ලාභ උපයද්දි නිෂ්පාදකයින් විසින් තවත්  සීක්වල් නිර්මාණ තුනක් මීට එකතු කළා. The Expendables 04 නමින් මෙලෙස නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබෙන්නේ එයින් පළමු චිත්‍රපටයයි.

Sylvester Stallone සහ Jason Statham ඇතුළු පෙර නිර්මාණවල සිටි රංගන ශිල්පීන් පිරිසම යළි දැක ගත හැකි වන මේ චිත්‍රපටයේ කතාව ලියා තිබෙන්නේද Stallone විසින්ම බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. තිර පිටපත Spencer Cohenගෙනි. කතා තේමාව පිළිබඳ නිශ්චිත විස්තරයක් තවමත් මාධ්‍යයට ලැබී නැහැ. කෙසේ නමුත්, මුල් නිර්මාණ ත්‍රිත්වය වගේම මෙයත් ක්‍රියාදාම දර්ශන පිරි action ride එකක් වන බව නොඅනුමානයි. Expendables චිත්‍රපට මාලාවේ මේ දක්වා නිකුත් වූ චිත්‍රපටවල වඩා වැඩි පිරිවැයක් නව නිර්මාණය සඳහා වැය කිරීමට සූදානම් බවත් හොලිවුඩ් මාධ්‍ය වාර්තා වලින් කියවුනා.

සිව්වන චිත්‍රපටය වෙනුවෙන් Expendables කතාමාලාවට එකතු වන අලුත්ම ශිල්පීන් පිරිස ගැනත් මේ දිනවල ලොකු කතාබහක් ඇතිවී තියෙනවා. ඒ 50 Cent, Megan fox සහ Tony Jaa. ඇමරිකානු රැප් ගායකයෙකු වශයෙන් ප්‍රසිද්ධ 50 Cent මීට පෙර Escape Plan චිත්‍රපට මාලාවෙනුත් ප්‍රේක්ෂකයින්ට හමු වුනා. Gun, Den of Thieves, Spy ඔහු දායක වුනු තවත් ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක්. කලෙක හොලිවුඩයේ සරාගී සලකුණක් වශයෙන් නම් දරා සිටි Megan Foxව රසිකයින්ට බෙහෙවින්ම සමීප වූයේ Transformers චිත්‍රපට තුළිනුයි. Expendables 04 සිනමාපටයට එකතු වන ඊළඟ ආගන්තුකයා වන Tony Jaa ප්‍රසිද්ධ තායි සටන් නලුවෙක්. ඔහුගේ රංගන ජීවිතයම වෙනස් කළ Ong Bak චිත්‍රපට මාලාව ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී ඇති.

2010 දී තිරගත වුණු පළමු The Expendables චිත්‍රපටයට දෙවෙනි නිර්මාණය එකතු වෙන්නේ 2012 වසරේදී. 2014දී තුන්වන Expendables සිනමාපටයටත් සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. 2014 සිට මේ වෙන තෙක් වසර හතක් ගතවී තිබුනත් තවමත් මෙහි ජනප්‍රියතාවය නම් කිසිම අඩුවක් වෙලා නැහැ. සිව්වන Expendables චිත්‍රපටයේ විස්තර update වෙනවත් සමගම, නැවත පණ ගහපු ප්‍රේක්ෂකාගාරය ඊට හොඳම නිදසුනක් වනවා.

BRAY_20130819_EXP3_0397.dng

Share

38 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.