Film & Television කලා අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික හමුව

Avatar Nisanka Weheraduwa | January 3, 2020 212 Views 0 Likes 0 Ratings

212 Views 0 Ratings Rate it

සිනමා සහ රූපවාහිනී කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගිය දෙසැම්බර් 30 වැනිදා පැවැත්වුනා. එදින සංසදයේ මහා සභාව පැවැත්වුන බවත් නව නිළධාරී මණ්ඩලය පත්කර ගැනීම එදින මුලිකම කටයුත්ත වුනු බවත් සඳහන්. ඒ අනුව නව වසර සඳහා වන සංසදයේ සභාපති ලෙස උපුල් චමිල සහ ලේකම් ලෙස අජන්ත අලහකෝන් පත්වී තිබෙනවා. ධර්මසේන හේමපාල, එරල් කෙලී සහ වෙලේගෙදර රණසිංහ සංසදයේ අනුශාෂක වරුන් ලෙස කටයුතු කරනවා.

සම සභාපතිවරුන් ලෙස බිමල් දුෂ්මන්ත සහ සුජීව පරණහේවාත් සම ලේකම් වරුන් ලෙස ශර්මිලා ප්‍රනාන්දු සහ චමින්ද විජේසින්හත් තේරී පත්ව තිබෙනවා.  භාණ්ඩාගාරික ලෙස සංජිව කරුණාරත්න සහ උප භාණ්ඩාගාරික ලෙස ජයතිස්ස අකුරම්බොඩ සාමාජිකයින් විසින් තෝරා පත්කරගෙන තිබෙනවා. සම සංවිධායක ලෙස රොහාන් සමරදිවාකර සහ සුරංග ගුණතිලක කටයුතු කරනු ඇති. ජාතික සංවිධායක නුවන් සනුරංග සහ ප්‍රචාරක ලේකම් උදේනි සුබෝධි කුමාර ඉදිරි වසරේ තනතුරු දරනු ලබනවා. ජාතික වෘත්තීය ප්‍රවර්ධන ලේකම් ලෙස ලාල් හරින්ද්‍රනාත් සහ අන්තර්ජාතික වෘත්තීය ප්‍රවර්ධන ලේකම් ලෙස අතුල සුල්තානාගොඩ පත්ව තිබෙනවා. දිනේෂ් ජයසාන්ත, සුනිල් ප්‍රේමරත්න, ජනක බණ්ඩාර සහ දිමුතු ප්‍රියජනක කාරක සභිකයින් ලෙස කටයුතු කරනු ඇති.

සිනමා සහ රූපවාහිනී කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, එහි අරමුණ සහ ඉදිරි දැක්ම පිළිබඳව අභිනව ලේකම් අජන්ත අලහකෝන් cinema.lk වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසුවා.

අපේ සංසදයේ අරමුණු සහ පරමාර්ථ අතර කලා අධ්‍යක්ෂකවරුන්,සහය කලා අධ්‍යක්ෂකවරුන් හා ඇදුම් නිර්මාණ ශිල්පීන්ගේ වෘත්තීය ගෞරවය, වෘත්තිය සුදුසුකම් හා අයිතිවාසිකම් සපුරා ගැනීම, එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාවය සහ වෘත්තීය සහසම්බන්ධතාව වර්ධනය කිරීම, ශිල්පීන්ගේ අධ්‍යාපනික,ආගමික, සංස්කෘතික හා භෞතික සංවර්ධනය සඳහා කටයුතු කිරීම ප්‍රධානයි. ඒ වගේම ඉදිරි වැඩපිළිවෙල තුළ කලා අධ්‍යක්ෂක වරුන් සහාය කලා අධ්‍යක්ෂකවරුන් හා ඇදුම් නිර්මාණ ශිල්පීන් සඳහා විදේශීය පුහුණුව හා දැනුම , අවබෝධය ලබාදීම සඳහා වූ පුළුල් වැඬමුළුවක් පැවැත්වීම ප්රමුඛ කාර්යයක් සේ සලකනු ඇති.  රූපවාහිනී සිනෙමා ක්ෂේත්‍රයේ අන් වෘත්තීකයන් සමඟ සහයෝගයෙන් සහ වෘත්තීය ගරුත්වය විනය සහිතව ක්රියාකිරීමට සුදුසු දැනුම අවබෝධය සහිත කලා අධ්‍යක්ෂක වරුන් සහාය කලා අධ්‍යක්ෂකවරුන් හා ඇදුම් නිර්මාණ ශිල්පීන් සිටින, දියුණු වෘත්තියක් බවට අපේ වෘත්තීය පත්කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අපේ සංසදයේ අපේක්ෂාවක්. ලංකාවේ සිටින සියළුම ටෙලිනාට්‍ය, සහ සිනෙමා කලා අධ්‍යක්ෂක වරුන් සහාය කලා අධ්‍යක්ෂකවරුන් හා ඇදුම් නිර්මාණ ශිල්පීන්ට අප සංසදය සමඟ එක්වන්නට කියන විවෘත ආරාධනය සංසදයේ ලේකම් විදිහට කරනවා.”

Share

212 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.