Ford V Ferrari ලොවවටා ගමන් අරඹයි
හොලිවුඩ් සිනමාවේ මේ දවස්වල තිරගත අලුත්ම චිත්රපටය ගැන තොරතුරු මේ වෙනකොටත් හොලිවුඩ් සිනමා රසිකයින් හොඳින්ම දන්නවා. නොවැම්බර් 15 වැනිදා පටන් ලොව පුරා සිනමාහල්වල තිරගත වීම් ඇරඹුන මේ චිත්රපටයේ නම Ford V Ferrari. චිත්රපටය අධ්යක්ෂණය කලේ James Mangold විසින්. Jez Butterworth, John Henry Butterworth චිත්රපටයට තිර රචනය සිදුකළා. Matt Damon, Christian Bale, Joh Bernthal, Caitriona Balfe, Tracy Letts, Josh Lucas ඇතුළු පිරිසක් චිත්රපටයට රංගනයෙන් දායක වනවා.
Tellurile Film Festival 2019හි මේ චිත්රපටයේ මංගල දර්ශනය පැවැත්වූවා. මිනිත්තු 152ක ධාවන කාලයකින් යුතු මේ චිත්රපටය සඳහා වැයකළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97.6ක්.
Written by Nisanka Weheraduwa