Funny Boy චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලයට
OSCAR සම්මාන සඳහා නිර්දේශ වුනු ඉන්දීය සිනමා නිර්මාණකාරිනියක වන දීපා Deepa Mehta අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය “Funny Boy”හි නිළ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත්කොට තිබෙනවා. 2021 වසරේ OSCAR සම්මාන උළෙලේ International Feature Film කාණ්ඩය යටතේ තරග කිරීම සඳහා කැනඩාව නියෝජනය කරනු ලබන්නේ මෙමෙ චිත්‍රපටය බව නිවේදනය කොට තිබුනා.
ශ්‍රී ලාංකික කැනේඩියානු කතුවරයකු වන Shyam Selvadurai විසින් රචනා කළ Funny Boy කෘතිය ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. මෙරට දේශපාලනික වාතාවරණය, වාර්ගික අර්බුධය, ලිංගික සුළුතරය පිලිබඳ ගැටළුව වැනි ප්‍රජාව මුහුණ දුන් තත්වයන් පිලිබඳ මේ කෘතියේ සාකච්චාවට ලක්කොට තිබෙනවා. Funny Boy චිත්‍රපටය දෙසැම්බර් මස සිට NETFLIX හරහා මුදා හැරීමට නියමිතයි. මේ එම චිත්‍රපටය වෙනුවෙන් සකස් කොට අන්තර්ජාලයට මුදාහැර ඇති පූර්ව ප්‍රචාරක පටයයි.
Written by Nisanka Weheraduwa