Galatta ‍Awards ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමෙයි

Avatar Kavinu Weerakkody | May 22, 2022 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

තමිල්නාඩුව සහ ඒ ප්‍රදේශය මුල් කරගනිමින් ඇරඹි දෙමළ සිනමා කර්මාන්තයට ඇලුම් කරන රසිකයින්ට නම් Galatta Movie Awards ගැන අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැති බව සහතිකයි. මන්ද යත්, Galatta Movie Awards සම්මාන උළෙල දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් සංවිධානය වන දැවැන්තම සිනමා සම්මාන උළෙල කිහිපයෙන් ඉදිරියෙන්ම සිටින වැඩසටහනක් වනවා.

එමෙන්ම, මෙය මුලු දකුණු ඉන්දීය සිනමාවේම දැවැන්තම සම්මාන රාත්‍රිය බවයි ඇතැමුන්ගේ මතය වන්නේත්…
කෙසේ වුවත් මෙවැනි හේතූන් නිසා, වාර්ෂිකව පවත්වන මෙම Galatta Movie Awards උළෙල නරඹන්නට සහ එහි ජයග්‍රාහකයින් ගැන දැනගන්නට බලාපොරොත්තුවෙන් සිටින රසිකයින් පිරිසත් සුලුපටු නැහැ.

කෝවිඩ් වසංගත තත්වය නිසා පසුගිය 2019-2020 කාල වකවානුව තුළ ඉන්දීය සිනමාවේ යම් පසුබැසීමක් දැකගන්නට ලැබුණත් 2021 වසර මුල සිටම ඔවුන් යළිත් සිය නිෂ්පාදන කටයුතුවලට අවතීර්ණ වුනා. High Budget චිත්‍රපට පවා යළි සිනමාශාලා සඳහා මුදා හරිමින් දමිළ සිනමා කර්මාන්තයත් පෙර මෙන්ම රසිකයින්ට සමීප වන්නට පටන් ගත්තා.
අද වනවිට ඔවුන් සිය සුපුරුදු වේගයෙන් චිත්‍රපට කර්මාන්තය තුළ නැවතත් ස්ථාවර වී සිටිනවා. මෙවර Galatta Movie Awards උළෙල වෙන් වූයේ ඒ දුෂ්කරතා මධ්‍යයේ වුවත් නැවත ආරම්භ වූ දමිළ සිනමාවේ 2020-2022 වසරවල විශිෂ්ටතමයින් අගය කරන්නටයි.

Galatta Movie Awards උළෙල මුල සිටම වාණිජ චිත්‍රපටවලට මුල් තැන දෙන බවත්, තෝරාගත් චිත්‍රපට නලු නිළියන් පිරිසකට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් බොහෝ දෙනෙකු දන්නා කරුණක්. නමුත් උළෙලේ ආකර්ෂණීය බව සහ තම ප්‍රියතම රංගන ශිල්පීන්ට ලැබෙන සම්මාන නිසා රසිකයින් වුවත් මෙය මඟ හැරගන්නට කැමත්තක් නැහැ.

පසුගිය මැයි 08 වනදා පැවැත්වූ Galatta චිත්‍රපට සම්මාන උළෙල මෙවර නම් කර තිබුනේ The Galatta Crown – 2022 නමිනුයි. චෙන්නායි හි ජවහල්ලාර් නේරු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ එම උත්සවයට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තීය නලු නිළියන් එක්ව සිටියා. උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වූයේ සුප්‍රසිද්ධ හින්දි රංගන ශිල්පී Ranveer Singh විසිනුයි.
ඊට අමතරව Nayanthara, SJ Suryah, Keerthy Suresh, Krithi Shetty, Kalyani Priyadarshani වැනි මේ දිනවල ජනප්‍රිය තාරකාවන් බොහෝ දෙනෙකුත්… Lokesh Kanagaraj, Nelson, Vignesh Shivan, Venkat Prabhu වැනි දක්ෂ අධ්‍යක්ෂකවරුන් ගණනාවකුත් The Galatta Crown හි ආරාධිතයින් අතර සිටියා.

එහිදී Sarpatta Parambarai චිත්‍රපටය වෙනුවෙන් 2020-2021 හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Pa Ranjith දිනාගත් අතර 2021-2022 හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ Karnan වෙනුවෙන් Mari Selvaraj විසිනි. Jai Bhim හි කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ Lijomol Jose හොඳම නිළිය වශයෙන් සම්මානයට පාත්‍ර වුනා. මෙම උත්සවයේදී පසුගිය දිනෙක මිය ගිය කන්නඩ නලු Puneeth Rajkumar උදෙසා විශේෂ ඇගයුමක් සිදු කළ අතර ඔහුගේ නමින් විශීෂ්ටතා සම්මානයක් ද ප්‍රදානය කළා.
දශකයේ හොඳම රංගනයට පිරිනැමෙන සම්මානය දිනා ගත්තේ රංගන ශිල්පී Keerthy Suresh යි.

පහතින් දැක්වෙන්නේ මෙවර The Galatta Crown 2022 හි සම්මාන දිනාගත් සම්පූර්ණ ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවයි.

Best Debut Director (2020 – 2021) – Ashwath Marimuthu (Oh My Kadavule)
Best Debut Director (2021 – 2022) – Arun Matheswaran (Rocky)

Best Supporting Actor (Male) (2020 – 2021) – VJ Rakshan (Kannum Kannum Kollaiyadithaal)
Best Supporting Actor (Male) (2021 – 2022) – Manikandan (Jai Bhim)
Best Supporting Actor (Female) (2021 – 2022) – Anupama Kumar (Sarpatta Parambarai)

Best Director of the Year (Critics Choice) – Selvaraghavan (Nenjam Marappathillai)
Best Director (2020 – 2021) – Pa Ranjith (Sarpatta Parambarai)
Best Director (2021 – 2022) – Mari Selvaraj (Karnan)

Favourite Director (2020 – 2021) – Lokesh Kanagaraj (Master)
Favourite Director (2021 – 2022) – Nelson Dilipkumar (Doctor)

Best Child Artist (2020 – 2021) – Poovaiyar (Master)
Best Child Actor (2021 – 2022) – Arnav Vijay (Oh My Dog)

Favourite Actor (2021 – 2022) – Puneeth Rajkumar
Favourite Actress of the Year (2021 – 2022) – Kalyani Priyadarshan (Maanaadu)

Best Actor of the Year (Male) (2021 – 2022) – Arya (Sarpatta Parambarai)
Best Actor of the Year (Female) (2021 – 2022) – Lijomol Jose (Jai Bhim)

Best Debut Actor (Female) (2021 – 2022) – Priyanka Mohan (Doctor)
Best Actress (Critics Choice) – Dushara Vijayan (Sarpatta Parambarai)

Best Screenplay (2020 – 2021) – Desingh Periyasamy (Kannum Kannum Kollaiyadithaal)
Best Screenplay (2021 – 2022) – Venkat Prabhu (Maanaadu)

Best Stunt Director (2020 – 2021) – Stunt Silva
Favourite Actor of the Year (Male) – Sivakarthikeyan (Doctor)
People’s Hero – Raghava Lawrence

Best Antagonist of the Year (2020 – 2021) – Natty Natraj (Karnan)
Antagonist of the Year (2021 – 2022) – SJ Suryah (Maanaadu)

Revolutionary Filmmaker of the Year – TJ Gnanavel (Jai Bhim)
Lifetime Achievement – Kovai Sarala

Puneeth Rajkumar Award for Excellent Performer – Arya (Sarpatta Parambarai)
Youth Icon of the Year – Anbil Mahesh Poyyamozhi
Icon of Comedy (South India) – Yogi Babu
Sports Icon of the Year – Aadhav Arjuna

Dazzling Star of the Year – Sayyeshaa
Change Maker of the Year – PTR Palanivel Thiagarajan, Minister for Finance & Human Resources

Game Changer of the Year – Udhayanidhi Stalin
Game Changer of Indian Cinema – Ranveer Singh

Global Icon of Indian Music – Anirudh Ravichander
Empress of Indian Cinema – Nayanthara

Best Playback Singing (Female)(2020 – 2021) – Jonita Gandhi (Chellamma)
India’s Voice of the Year – Dhee (Enjoy Enjaami)
Best Lyricist – Vignesh Shivan
Best Independent Lyricist – Arivu (Enjoy Enjaami)

Best Still Photographer – Akash Balaji (Kaathuvaakula Rendu Kaadhal)
Best Music Director (2020 – 2021) – GV Prakash (Soorarai Pottru)

Outstanding Performer of the Decade – Keerthy Suresh
Golden Glory of Indian Cinema – Ramya Krishnan

Best Choreographer (2020 – 2021) – Dinesh Master (Vaathi Coming – Master)
Best Choreographer (2021 – 2022) – Jani Master (Beast)

Share

47 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.