Goa කෙටි චිත්‍රපට උළෙලට ලංකාවෙන් නිර්මාණ තුනක්
7 වැනි Goa කෙටි චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර තරගකාරී අංශය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් තිදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන තිබෙනවා. සුදත් අබේසිරිවර්ධන නිර්මාණය කළ “Where’s my route”, ධනුෂ්ක විජේසුරියගේ “Prisoners” සහ චතුර විමංශ ප්‍රනාන්දුගේ “One Blood” කෙටි චිත්‍රපට ත්‍රිත්වය මෙලෙස Goa කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කරනු ඇති.
ධිවර ගමක ඉපදෙන තරුණයකු මාධ්‍යවේදියකු ලෙස ව්‍යාජ ලිපිලේඛන සකසාගෙන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කරයි. එම ගමන වළක්වා දෙනලෙස ධීවර තරුණයින් පිරිසකගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ මවය. ඇගේ ඉල්ලීම පිට තරුණයාගේ සියලු ලිපි ලේඛන විනාශ කර දමන ධීවර පිරිස ඔහුට තර්ජනය කරයි. සිහින බිඳීගිය තරුණයා, ඔහුගේ ඉදිරි ජීවිතය සහ මව සමග ඇති සබඳතාව ගැන Where’s my route කෙටි චිත්‍රපටයට අන්තර්ගත වේ. සුදත් අබේසිරිවර්ධන තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය Agenda-14 නිෂ්පාදනයකි. මීට පෙර මෙම කෙටි චිත්‍රපටය International Competition – Best Short Film, Hanoi International Film Festival 2018, Hanoi, Vietnam 2018, Official Selection – Bengaluru International Film Festival, India, 2018, Jaffna International Film Festival, Jaffna, 2018, South Asian Competition – 2nd South Asian Film Festival 2019, Kolkata, India 2019, SIGNIS Awards Festival, Sri Lanka 2019, Agenda 14 Short Film festival, Colombo, Sri Lanka 2018 යන සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වුනා.
යුද්ධය නිසා ජීවිත අහිමි වීමට අමතරව සිය අනන්‍යතා අහිමිව ගිය ගැහැණුන් සහ මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටයක් වන “Prisoners” මෙවර Goa සිනමා උළෙල තරගකාරී අංශය නියෝජනය කරන අනික් කෙටි චිත්‍රපටය වෙනවා. ධනුෂ්ක විජේසුරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ කෙටි චිත්‍රපටයේ දර්ශන් ධර්මරාජ් සමග අනෝමා ජනාදරී රංගනයෙන් දායක වී තිබෙනවා.



Written by Nisanka Weheraduwa