Sri Lanka's Best Cinema Portal

 

Golden Globe උළෙල – Bohemian Rhapsody අභිෂේක ලබයි

0
Posted January 7, 2019 by Nisanka Weheraduwa in Articles
golden

76 වැනි goldeen globe සිනමා සම්මාන උළෙල සමගින් හොලිවුඩ පසුගිය සති අන්තය වර්ණවත් වුනා. 76 වනි වරට පැවැත්වුණු මේ සම්මාන උළෙල සඳහා හොලිවුඩ් තරු බොහොමයක් සහභාගී වී තිබුනා.

මෙවර සම්මාන උළෙලේදී විශිෂ්ටතම චිත්‍රපටය (Best Picture) ලෙස සම්මානයට හිමිකම් කියුවේ Bohemian Rhapsody චිත්‍රපටයයි. වසරේ හොඳම චරිත නිරුපනය වෙනුවෙන් Bohemian Rhapsody චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Rami Malek හට සම්මානය හිමිවුනා. එම සම්මානය සඳහා Bradley Cooper (Star In Born), Willem Dafoe (At eternity’s gate), Lucas Hedges (Boy erased), John David Washington (BlacKkKlansman) යන නළුවන් නිර්දේශිත නාමයන් අතරට එක්ව සිටියා.

වසරේ විශිෂ්ටතම චරිත නිරුපණය සඳහා හොන්දම් නිළිය ලෙස Glenn Close සම්මානයට පාත්‍ර වුනා. ඒ Wife, The චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. Star is born A චිත්‍රපටයේ රංගනයේ යෙදුනු Lady Gaga, Destroyer චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Nicole Kidman, MelissaMcCharthy ප්‍රධාන චරිත නිරුපණය කළ Can you ever forgive me චිත්‍රපටය වෙනුවෙන් සහ Private War චිත්‍රපටයේ රඟපෑ Rosmund Pike මෙම සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට එක්ව සිටියා.

ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්වුණු Golden Globe සම්මාන රාත්‍රියේ තවත් තොරතුරු cinema.lk හරහා ඉදිරයේදී ගෙනෙනු ඇති.

149668504_2511212962254040_493721441456357376_nkristin-cavallari-attends-the-76th-annual-golden-globe-news-photo-1078333018-1546817552 lady-gaga-attends-the-76th-annual-golden-globe-awards-at-news-photo-1078337354-1546821556

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2