Golden Globes 2020 සම්මාන උළෙලේ අපූරු ඇඳුම්

Avatar Nisanka Weheraduwa | January 6, 2020 377 Views 0 Likes 0 Ratings

377 Views 0 Ratings Rate it

ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා සහ ටෙලි සම්මාන උළෙල අතර Golden globes සම්මාන උළෙලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ 77 වැනි වතාවට. සාමාන්‍යෙන් මේ විදිහේ සම්මාන උළෙලක් අවසන් වුනහම කතාබහට ලක්වෙන කාරණයක් තමයි ඒ උත්සවයට ජනප්‍රිය චරිත (celebrities) සහභාගී වුන විදිහ, ඇන්ද ඇඳුම් පැළඳුම් වල විලාසිතා ගැන. මේ වතාවෙත් ඒ තත්වය එලෙසමයි. නමුත් වෙනසක් නැතුවාමත් නොවෙයි. සාමාන්‍යෙන් විලාසිතා ගැන ඕපාදුප, කටකතා පැතිරෙනවා නම් ඒ කාන්තා ඇඳුම් විලාසිතා ගැන කියල පොදු අදහසක් තියෙනවා. මීට පෙර වතාවන් ගැන සලකුවමත් බොහෝවිට වුනෙත් එවැනි දේවල් තමයි. නමුත් මේ වතාවේ වැඩිපුරම කතාබහට ලක්වෙන ඇඳුම් දෙක හිමිකරුවන් පුරුෂ පාර්ශවයෙන්.

හොලිවුඩ් සිනමා රසිකයින් ඉතාම හොඳින් හඳුනන, හොලිවුඩ් රසිකයින් අතර අතිශය ජනප්‍රිය Aqua man එහෙමත් නැත්නම් Jason Momoa මේ විදිහට ඇඳුම නිසා කතාබහට ලක්ව තිබෙනවා. ඔහු මෙවර සම්මාන උළෙලට සහභාගී වුනේ Tank Top නමින් හඳුන්වන උඩුකය මදක් පමණක් වැසෙන සැහැල්ලු බැනියමක් වැනි ඇඳුමක් ඇඳගෙනයි. විශේෂිත කාරණය නම් මේ ඇඳුම ගැන ඔහුට අප්‍රසාදය පලවීමක් සිදු නොවීම. සම්මාන උළෙල ඇරඹෙන අවස්ථාවේ පටන් විවිධ පුද්ගලයින් instagram සහ twitter හරහා මේ ගැන යම් සටහන් තබා තිබුනත් momoaට දොස් පැවරීමක් සිදුවුයේ නැති තරම්. ඔහුත් ඉතාමත් උනන්දුවෙන් සහ ප්‍රීතියෙන් සම්මාන උළෙලට සහභාගී වුනු බව පැවසෙනවා.

මීළඟ විශේෂිත ඇඳුම දකින්න ලැබුනේ ඇමරිකානු ගායකයකු සහ නළුවකු ලෙස ජනප්‍රිය Billy Porter වෙතින්. ඇමරිකානු Broadway theater performer කෙනෙකු, ගායකයකු සහ නළුවකු ලෙස ඔහු හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක්. ඔහු මෙවර උත්සවයට සහභාගී වීම සඳහා තෝරාගෙන තිබූ සුදු පැහැති විශේෂිත ඇඳුම් විලාසිතාවත් සම්මාන උළෙලේ වගේම ලෝකය පුරාමත් අවධානය දිනාගැනීමට සමත් වුනා.

BEVERLY HILLS, CALIFORNIA – JANUARY 05: 77th ANNUAL GOLDEN GLOBE AWARDS — Pictured: (l-r) Jason Momoa and Lisa Bonet at the 77th Annual Golden Globe Awards held at the Beverly Hilton Hotel on January 5, 2020. — (Photo by Todd Williamson/NBC/NBCU Photo Bank)

 

 

Share

377 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.