Golden Globes 2020 : හොඳම නළුවා JOKER චිත්‍රපටයේ Phoenix

Avatar Nisanka Weheraduwa | January 6, 2020 161 Views 0 Likes 0 Ratings

161 Views 0 Ratings Rate it

Golden Globes 2020 සම්මාන රාත්‍රිය පිලිබඳ සිනමා රසිකයින් මේ වෙනකොටත් දැනුවත්. සම්මානලාභීන් ගැන තොරතුරු එසැනින් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා වගේම පසුගිය පැය ගණනාවක් තිස්සේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙත් මේ තොරතුරුයි.

කෙසේ නමුත් cinema.lk සමග රැඳෙන ලංකාවේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මේ තොරතුරු ඔබවෙත ගෙන එන්න අපි සූදානම්. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ 77 වැනි වතාවට. මෙවරත් Ricky Gervais සම්මාන උළෙල මෙහෙයවූයේ පස්වැනි වතාවටයි. සම්මාන උළෙලේ වැඩිම අවදානය දිනාගත් ප්‍රධාන සම්මාන බෙදීගියේ මෙලෙසින්.

හොඳම චිත්‍රපටය සඳහා වගේම හොඳම අධ්‍යක්ෂණය සඳහාත් සම්මානය දිනාගත්තේ 1917 චිත්‍රපටය වීම විශේෂත්වයක්. Sam Mendes හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්වුනා. සම්මාන උළෙලේ විශේෂිත සම්මානයක් වුනු ජිවිතයේ එක වරක් පමණක් හිමිවන Ceil Br. de Mille සම්මානය මෙවර ප්‍රධානය කෙරුනේ සම්මානනීය දක්ෂ සිනමා නළුවකු වූ Tom Hanksටයි.Carol Burnett සම්මානය ප්‍රධානය කෙරුනේ ප්‍රසිද්ද Ellen Show වැඩසටහනේ හිමිකාරිය වුනු Ellen De Generes වෙතයි.

පසුගිය වසරේ හොඳම සංගීතමය සහ හාස්‍යෝත්පාදක (Musical or Comedy) චිත්‍රපටය ලෙස Once upon a time in hollywood චිත්‍රපටය සම්මාන දිනා ගත්තා.

වසරේ හොඳම රංගන ශිල්පිනිය (Best performance – actress) ලෙස Renee Zellweger සම්මාන දිනුයේ Judy චිත්‍රපටය වෙනුවෙන්. වසරේ හොඳම සංගීතමය හෝ හාස්‍යෝත්පාදක චරිත නිරූපණය සඳහා Awkwafina සම්මාන දිනුයේ Farewell – the චිත්‍රපටය වෙනුවෙන්.

වසරේ හොඳම චරිත රංගනය සඳහා (Best performance – Actor) Jaquin Phoenix සම්මාන දිනා ගත්තේ JOKER චිත්‍රපටයේ ඔහු කළ විශිෂ්ට රංගනය වෙනුවෙන්. සංගීතමය හෝ හාස්‍යෝත්පාදන සිනමාපටයක කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම නළුවා ලෙස Teron Egerton සම්මානයට පාත්‍ර වුනා.

වසරේ හොඳම සහය නළුවා ලෙස Brad Pitt සම්මාන දිනා ගත්තේ Once upon a time in hollywood චිත්‍රපටය වෙනුවෙන්. Marriage Story චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස Laura Dern සම්මාන දිනා ගත්තා. golden globe 2020 සම්මාන උළෙල මෙලෙස නිමාවට පත්වෙද්දී හොලිවුඩයේ මීළඟ අවදානය යොමුවන්නේ Academy awards නැතිනම් OSCAR සම්මාන උළෙල වෙතයි. එය එළඹෙන පෙබරවාරි මස පැවැත්වීමට නියමිතයි. ඇකඩමි සම්මාන උළෙලේ නිර්දේශිත චිත්‍රපට සහ ශිල්පින් පිළිබඳව තොරතුරු අප ඉදිරියේදී ඔබවෙත ගෙනඒමට සූදානම්.

Share

161 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.