Helicopter Eela සමග Kajol යළිත්

Avatar Nisanka Weheraduwa | August 16, 2018 387 Views 0 Likes 0 Ratings

387 Views 0 Ratings Rate it

Kajol Mukharji කියන්නේ දශක දෙකහමාරක් තිස්සේ බොලිවුඩ් සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත් තරුවක්. 1993 වසරේ Baazigar චිත්‍රපටය සමග ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගනිමින් ක්ෂේත්‍රයේ ගමන් ඇරැඹු ඇය මේ වනතුරුත් ඇගේ ජනතා ආකර්ෂණය නොඅඩුව පවත්වා ගැනීමට සමත්ව තිබෙනවා. 2018 වසරේ Kajol රඟපෑ අලුත්ම සහ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් තිරගත වීමට සුදානම්. ඒ, BHelicopter Eela චිත්‍රපටයයි. උසස් අධ්‍යාපනය හදාරන පුතෙකුගේ මවක් ලෙස ඇය මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන දෙනවා. විශේෂිත කාරණය ඇය Single mother නැතිනම් තනිකඩ මවක් වීම. පුත්‍රයා අධ්‍යාපනය ලබන පාසලට ශිෂ්‍යාවක් ලෙස සම්බන්ධ වීමට ඇය තීරණය කරනවා.

Pradeep Sarkar මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. Mitesh shah සහ Anand Gandhi චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබෙනවා. ගුජරාති චිත්‍රපටයක් වූ Anand Ganshi රචනා කළ Beta Kaagdo ඇසුරින් මේ චිත්‍රපටයත් රචනා කොට තිබෙනවා. Eela ලෙස ප්‍රධාන චරිතය Kajol Mukarji විසින් නිරුපණය කරනවා. Riddhi Sen පුත්‍රයා වන Vivan ලෙස රඟපාන අතර Lisa ලෙස Neha Dupia රංගනයට එක්වනවා. Tota Roy Chaudhury රංගනයෙන් දායක වන්නේ Vikramගේ චරිතයට. Shataf Figar, Atul Kulkarni, Mukesh Rishi මෙහි අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. සංගීතය නිමානය කලේ Amit Trivedi විසින්. සැප්තැම්බර් 7 වැනිදා සිට ලොව පුරා මේ චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි.

 

 

Share

387 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.