Horror Films බලන ඔබ වෙනුවෙන් – THE NUN ළඟදීම
චිත්‍රපට ලෝලීන් එකිනෙකා කැමති වෙනස් වෙනස් ආකාරයේ ශානරයන් අපට හමුවනවා. කැමැත්ත කියන එක පෞද්ගලිකයි. සමහරු කොමඩි චිත්‍රපට වැඩිපුරම බලද්දී තවත් පිරිසක් Drama, Action, Biographical, animation වගේ විවිධ අංශයන්ගේ චිත්‍රපට වලට කැමැත්තක් දක්වනවා. මේ අතර Horror Films බලන්න වැඩිපුරම කැමැත්තක් දක්වන බොහෝ පිරිසක් අපට හමු වනවා. මේ තොරතුර ඔවුන් වෙනුවෙන්මයි. ඔබත් Horror film lover කෙනෙක් නම්, සැප්තැම්බරයේ අපුරු හොලිවුඩ් චිත්‍රපටයක් රසවිඳින්න ඔබට අවස්ථාව ලැබෙනවා.
1952 කාලයේ රොමේනියාවේ වාසය කරන අත්දැකීම් අඩු නවක පුජකවරියක් වතිකානුවට පිටත්කර හරින්නේ එහිදී අභිරහස් ලෙස සියදිවි නසාගත් තවත් පුජකවරියකගේ මරණය සම්බන්ධ පරීක්ෂණයක් සිදුකොට තොරතුරු සොයාගැනීමට. මේ පූජකවරිය මුහුණදෙන අත්දැකීම් ඇසුරින් The Nun චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. 2016 වර්ෂයේ නිර්මාණය වුනු The Conjuring 2 චිත්‍රපටයේ spin-off එකක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. චිත්‍රපටය 2018 සැප්තැම්බර් මාසයේ තිරගත කිරීමට අපේක්ෂා කෙරෙනවා.
Corin Hardy අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Gothic supernatural horror චිත්‍රපටයක් ලෙස නම්කොට තිබෙනවා. චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙන්නේ Gary Dauberman විසින්. Demian Bichir, Jonas Bloquet, Taissa Farmiga, Charlotte Hope, Ingrid Bisu, Bonnie Aarons මේ චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමග ලොව පුරා සිනමා රසිකයින් බොහෝ දෙනෙක් චිත්‍රපටය පිලිබඳ දැඩි උනන්දුවකින් පසුවන බව සඳහන්. 15,500,000 අධික ප්‍රමාණයක් මෙම ප්‍රචාරක පටය නරඹා තිබීමෙන්ම එය පැහැදිලි වනවා. ඔබටත් එළඹෙන සැප්තැම්බර් මාසයේ 7 වැනිදා සිට The Nun නැරඹීමේ අවස්ථාව හිමි වනවා.
Written by Nisanka Weheraduwa