How To Train Your Dragon 2 චිත්‍රපටයෙන් කොටසක් දැන්ම බලමු!

Avatar Cinema.lk | April 23, 2014 12 Views 0 Likes 0 Ratings

12 Views 0 Ratings Rate it

ත්‍රිමාණ සජීවීකරණ සිතුවමක් වන මේ චිත්‍රපටය හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් චිත්‍රපටයේ දිගුවකි. තාක්ෂණික ඥාණයෙන් හෙබි කාය ශක්තියෙක් දුර්වල වු කුඩා වයිකින්ග් කොලු ගැටයෙක් වටා දිවෙන මේ සිතුවම කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වු කාටුන් චරිතයකි. වෙනත් වයිකින්ග්වරු මෙන් මේ තරුණයාට දේහ ශක්තිය නොතිබුණාට ඔහු දරුණු ඝනයේ මකරෙකු මෙල්ල කර ගුවන් යානයක් සේ පාවිච්චියට ගන්න අයුරු මේ චිත්‍රපටයෙන් චිත්‍රනය කරයි.

චිත්‍රපට 3කින් යුතු චිත්‍රපට මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මේ චිත්‍රපට මාලාවේ දෙවන කතාංගය වන How To Train Your Dragon 2 චිත්‍රපටය නිර්මාණය කලේ පළමු චිත්‍රපටයෙන් වසර 5කට පසුවයි.

මේ චිත්‍රපටය තවමත් නිකුත් වී නැතත් චිත්‍රපටයේ මුල් භාගයෙන් මිනිත්තු 5ක පමණ කොටසක් අන්තර්ජාලය වෙත නිකුත් වී ඇති අතර ය නැරඹීමෙන් ඔබට චිත්‍රපටය පිළිබඳව දල අදහසක් ගත හැකියි. මේ චිත්‍රපටය ජූලි මස 4 වනදා නිකුත් වීමට නියමිතයි.

Share

12 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.