Sri Lanka's Best Cinema Portal

 

Irfan Khan රෝගාතුර වෙයි – සැමගේ ආශිර්වාදය ඔහුට

0
Posted March 13, 2018 by Nisanka Weheraduwa in Cine News
Irfan-Khan-960x540

ඉන්දීය චරිතාංග නළු Irfan Khan රෝගාතුර වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. මිට දින කිහිපයකට පෙර ඔහු මෙලෙස අසනීපව රෝහල්ගත කළ බව පැවසෙනවා. ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි යන්න පිලිබඳ දින කිහිපයක් යනතුරු තොරතුරු නිසිලෙස ලැබී තිබුනේ නැහැ. මේ අතර යම් සුවයක් ලැබූ පසු ඔහු twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “rare disease” එකක් තම රෝගී තත්වයට හේතුව බවත් නිශ්චිතවම දැනගැනීමට අවශ්‍ය වාර්තා සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. කෙසේ නමුත් පෙරේදා ඔහුගේ බිරිඳ අන්තර්ජාලයට පණිවිඩයක් නිකුත් කර තිබුනා. එමගින් ඔහු වෙනුවෙන් ආශිර්වාද කළ සැමට ස්තුති කරන ඇය, සිදුවන්නේ කුමක්දැයි තම පවුලේ ඥාතින් බලා සිටින බව පවසා තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ පවුලේ හිතවතුන් සහ මිතුරන්ගෙන් තොරතුරු ලැබෙන පරිදි ඔහු Brain cancer වෙනුවෙන් ප්‍රතිකාර වලට මුහුණදුන් බව සඳහන්.

Irfan Khan සිය අසනීප තත්වය පිළිබඳව twitter වෙත නිකුත් කළ පණිවිඩය

“Sometimes you wake up with a jolt with life shaking you up. The last fifteen days, my life has been a suspense story. Little had I known that my search for rare stories would make me find a rare disease. I have never given up and have always fought for my choices and always will. My family and friends are with me and we are working it out the best way possible. In trying times, please don’t speculate as I will myself share with you my story within a week – ten days, when the further investigations come with a conclusive diagnosis. Till then, wish the best for me.”

1967 වසරේ ජනවාරි 7 වැනිදා ඉන්දියාවේ ජායිපූර්හි උපත ලද ඔහු, 1988 සිට ඉන්දීය සිනමාවේ නළුවකු ලෙස කටයුතු කරනවා. වසර 30ක රංගන ජීවිතයේදි ඔහු ජාතික මට්ටමින් සම්මාන 10කට අධික ප්‍රමාණයක් ලබා ගත්තේ හොඳම නළුවා ලෙසින්. ඒ අතරට ජාත්‍යන්තර සම්මාන සහ නිර්දේශයනුත් එකතු වනවා. අතිශය කාර්යබහුල නොවන, කලාත්මක සහ පලදායි නිර්මාණ තෝරාගෙන රංගන දායකත්වය සපයන නළුවකු වන නිසාම ඔහු ඉන්දීය සිනමාවේ හිමිකරගත් තැන නොවෙනස් වන්නක්. ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණ ත්‍රිත්වයක් තිරගත වීමට නියමිත වන අතර ඉන් එකක ප්‍රචාරණ කටයුතු අප්‍රේල් මස ආරම්භ කෙරෙනවා. එය Blackmail නමින් වන සිනමාපටයක්. ඊට අමතරව Karwan සහ Kabir සිනමාපට ද්විත්වයත් තිරගත වීමට නියමිතයි.

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2