Irrfan Khan රඟන අලුත්ම චිත්‍රපටය Puzzle ළඟදීම

Avatar Nisanka Weheraduwa | May 8, 2018 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

ඉන්දීය චරිතාංග නළු Irrfan Khan රංගනයේ යෙදුනු සිනමාපටයක් ළඟදීම තිරගත වීමට නියමිත බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇමෙරිකානු නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූවක්. චරිතාංග නළුවකු ලෙස විවිධ චරිත රංගනයේ අපූරු හැකියාවක් සහිත විශිෂ්ට නළුවකු වූ ඔහු, විවිධ රටවල චිත්‍රපට සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. මේ ඔහු හොලිවුඩ් සිනමාපටයක රංගනයේ යෙදුනු අවස්ථාවක්.

Puzzle නමින් මේ චිත්‍රපටය නම් කොට තිබෙනවා. Marc Turtletaub විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. මේ චිත්‍රපටය සඳහා තිර රචනය Orean Moverman විසින් සිදුකළා. Puzzle නමින්ම නිර්මාණය කෙරුණු 2010දි තිරගත වුනු ආජන්ටිනියානු චිත්‍රපටයක් පදනම් කරගනිමින් මේ චිත්‍රපටය නිපදවාඅ තිබෙන බවත් සඳහන්. 2018 ජනවාරි මස Sundance international film festivalහිදී චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා තිබෙනවා. Kelly Macdonald ඉර්ෆාන් සමග චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කළා. David Denman, Bubba Weiler, Austin Abrams ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. එළඹෙන ජූලි මාසයේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වනු අති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා.

Share

40 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.