Jacqueline Fernandez හොර රහසේ කළ රූගත කිරීමක්

Avatar Nisanka Weheraduwa | July 4, 2019 425 Views 1 Like 3 On 2 Ratings

425 Views 3 On 2 Ratings Rate it

Jacqueline Fernandez කියන නම සිනමා රසිකයින්ට නුහුරු නුපුරුදු නමක් නොවෙයි. ලාංකික කාන්තාවක් වුනු ඇය සිනමාවට එකතු වුනේ බොලිවුඩ් චිත්‍රපට එක්ක. ඒ නිසාම ලෝකය පුරාම ඇය ඉතා ඉක්මනින් ප්‍රසිද්ද වුනා.

සාමාන්‍යෙන් Jacqueline එයාගේ සිනමා ජිවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් බොහෝ දේවල් social media හරහා එයාගේ ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න කෙනෙක්. නමුත් එයාගේ අලුත්ම රූගත කිරීම ගැන කිසිම දෙයක් රසිකයින්ට දැනගන්න ඉඩක් නොදුන්න බව බොලිවුඩ් පුවත් වාර්තා කරනවා. ඉන්දියාවේ ජනප්‍රිය වෙබ් අඩවි බොහොමයක් මේ ගැන වාර්තා කරලා තිබුනා.

ආරංචි වෙන විදිහට නම් අලුත්ම ගීත නිර්මාණයකට ඇය සම්බන්ධ වෙලා තියෙනවා. එහි වීඩියෝ පටයේ රූගත කිරීම රහසේම සිදුවුණා බව තමයි දැනගන්න ලැබෙන්නේ. Prabhas සහ shraddha Kapoorගේ  Saaho කියන නිර්මාණයට ඇය සම්බන්ධ වුනා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ ගීත නිර්මාණය වෙනුවෙන් රූගත කිරීම ඔස්ට්‍රියාවේදී සිදුකළ බව පැවසෙනවා. Vaibhavi Merchant නිර්මාණයේ නර්තන වින්‍යාස අධ්‍යක්ෂණය කළ බව සඳහන්. Jacqueline පහුගිය කාලයේ ලොස්ඇන්ජලීස් නුවර Ivana Chubbuck studio එකට ගිහින් එතන පැවැත්වෙන රංගනය පිලිබඳ වැඩමුළු වලට සම්බන්ධ වුනු බවටත් තොරතුරු දැනගන්නට තියෙනවා.

Share

425 Views 3 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.