Kartik Aryanට තුරුම්පු ආසියා කැරකෙන කාලයක්

Avatar Nisanka Weheraduwa | July 3, 2019 106 Views 1 Like 0 Ratings

106 Views 0 Ratings Rate it

Kartik Aryan කියන්නේ බොලිවුඩ් සිනමාවේ අලුත් පරම්පරාව නියෝජනය කරන තරුණ නළුවෙක්. ඒ වගේම ඔහුගේ දක්ෂතා ගැනත් බොලිවුඩ් සිනමාව ඇතුලේ කතාබහක් ඇතිවෙමින් තියෙන්නේ ඔහු කළ රංග කාර්යන් නිසා. එතකොට මොකක්ද මේ තුරුම්පු ආසියා කතාව..?

මේ උදාවෙලා තියෙන්නේ කාර්තික්ට ඉතා හොඳ කාලයක් බව ලැබුණු නිර්මාණ එක්ක සලකා බැලුවහම පෙනෙන කාරණයක්. ඒ නිසා බොලිවුඩ් පුරයේ සමහර වාර්තා කාර්තික් ගැන ඒ විදිහට සඳහන් කරලා තිබුනා. Luka Chuppi, Sonu Ke titu ki sweety වගේ නිර්මාණ වලට දායක ලැබුණු කාර්තික්ට ලැබුණු අලුත්ම වටිනාම අවස්ථාව තමයි Bhool Bhulaiyaa චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයට දායක වෙන්න ලැබීම. මේ චිත්‍රපට ඉතාම ජනප්‍රිය වුනු කතා. ඉතින් අලුත්ම නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම කාර්තික්ට ලොකු අවස්ථාවක් බව බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා.

මේ වෙනකොට පිටපතේ වැඩකටයුතු අවසන් කරලා, චිත්‍රපටයට අදාළ නළු නිළියන් තොරාගෙනත් අවසන් බවයි දැනගන්න ලැබෙන්නේ. මේ වසර අවසන් වෙද්දී චිත්‍රපටය වැඩ පටන් ගනියි කියල bollywood hungama වාර්තා කරලා තිබුනා. කාර්තික් මේ අභෝයෝගය ජයගන්නේ කොහොමද කියල සිනමා රසිකයෝ බලාගෙන ඉන්නවා.

Share

106 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.