Sri Lanka's Best Cinema Portal

 

මල්ලිකාට ලං වු වියපත් බඹරා

0
Posted July 15, 2014 by Cinema.lk A in News
Mallika-Sherawat-Hot-and-Sexy-Bikini-HD-Wallpapers

එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ වෙන කොට කැඩිලා ඇත් ද?රට මොකක් වුනත්,සිනමාකර්මාන්තය මොක වුනත් බොහෝ සිනමාතාරු වල ප්‍රේම හුටපට වලට වැඩි ආයුෂ නැතිතරම්.මේවා පටන් ගන්නේ,ඉවර වෙන්නේ පත්තරවල,ගොසිප් අඩවි වල පුවත් මවල විතරක් නෙවයෙි ඊට එහා ගිය ලොකු ලොකු විනාසත් කරලයි.

අපි කියන්න යන කතාවේ කතා නායිකාව මල්ලිකා ෂෙරාවත් නම් ඉන්දියානු සුරුපිණියයි.බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් සිනමාවටත් අවතීර්ණ වුනු ඇය  ප්‍රංශයේ පැවැත්වෙන ලෝකප්‍රකට කාන්ස් සිනමා උලෙළට සහභාගිවීමටත් වරම් ලැබුවා.ලෝක සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනකු සමඟ කතාබහ කර ඔවුන් සමඟ හිතවත්කම් ගොඩනඟාගන්නට මල්ලිකාට හැකි වුණේ ඉන්පසුවයි. ඒ අතර සිටි ස්පාඤ්ඤ සිනමාවෙන් ලොවට එක්වූ ඇන්ටෝනියෝ බැන්ඩරොස් නම් වූ ප්‍රවීණ නළුවා මල්ලිකා සමඟ පැවැත්වූයේ හුදු හිතවත්කමක්ම නොවෙයි. ඊට එහා ගිය සමීප සබඳකමක්. නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු වන ඇන්ටෝනියෝ, මල්ලිකා සමඟ සමීප සබඳකමකට මුලපුරා ඇත්තේ 2012 දී. මෙය, තහනම් ප්‍රේමයක්. පනස්තුන් වියැති ඇන්ටෝනියෝ විවාහකයෙක්. ඔහු‍ෙග් බිරිය, මෙලනී ග්‍රිෆිත්. ඇය, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්.

මීට වසර කිහිපයකට ඉහත ඇන්ටෝනියෝට මල්ලිකා මුණගැහිලා තියෙන්නේ ඇමරිකාවේ හෝටලයක පැවති සුපිරි පන්නයේ සාදයකදීයි.එහිදි මල්ලිකාගේ අනඟ රුඟුම් වලට වශී වු මේ වියපත් බඹරා තමන් සමඟ ආලිංගන නැටුමකට එක්වන ලෙස ඇයට ඇරයුම් කළා. ඒ ඇරයුම නොපැකිළව පිළිගත් ඇය, ඔහු සමඟ අනුරාගය වෑහෙන රැඟුමක් ඉදිරිපත් කළේ අවට සිටි අය විස්මයට පත් කරවමින්. මේ රංගනය වීඩියෝ ගත කෙරුණු බව මේ කිසිවකු දැන සිටියේ නැහැ. කාටත් හොරෙන් මේ රංගනය වීඩියෝ ගත කළේ මල්ලිකාගේ වේෂ නිරූපණ ශිල්පියකු වන අයිවන් බිටන්. 2012 මැයි 25 දා ඇන්ටෝනියෝ සහ මල්ලිකා නැටූ මේ නැටුම වීඩියෝ ගතවී වසර දෙකක්ම සැඟවී තිබුණා.

මෙය, එක්තරා වෙබ් අඩවියකින් එළියට ආවේ මෑතකදී මේ අතර තුර කාලයේ දී ඇන්ටෝනියෝ සහ මල්ලිකා ඉතා සමීපව ඇසුරු කර තිබෙනවා. මේ බව ඇන්ටෝනියෝ ‍ගේ බිරිය කිසිවක් දැන සිටියේ නැහැ. මේ කාරණා කටයුතු ඇන්ටෝනියෝගේ බිරියට දැනගන්නට ලැබී ඇත්තේ මෑතකදී. ඒ ගැන බෙහෙවින් කම්පාවට පත්වූ ඇය පසුගිය ජූනි 6 දා තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඇන්ටෝනියෝගෙන් වෙන්වීමටයි. මේ ගැන ඇන්ටෝනියෝ මල්ලිකාටවත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත්, බොලිවුඩයේ ගිනිසිළුවක් වූ මල්ලිකා ෂෙරවට් මේ වන විට පවුල් ගිනි තබන ගිනි දැල්ලක් වී ඇති බවයි සමහරු පවසන්නේ.

Ivan Britton article-2669349-1F1EC05100000578-30_634x847 Mallika-Sherawat_9 Antonio-Banderas-and-Mallika94 Mallika-Sherawat-Hot-Collection_017 Mallika-Sherawat-Hot-On-FHM-India-April-2011-Stills-HQ-1 Mallika-Sherawat-Hot-On-FHM-India-April-2011-Stills-HQ-5 Mallika-Sherawat-Hot-On-FHM-India-April-2011-Stills-HQ-9

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2