Sri Lanka's Best Cinema Portal

 

Marvel Comics ඔබට ගෙනා Stan Lee දිවියෙන් සමුගනියි

0
Posted November 13, 2018 by Nisanka Weheraduwa in Gossip
lee

Marvel Comics කියන්නේ හොලිවුඩ් චිත්‍රපට බලන බොහෝ දෙනෙක් වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපට වර්ගයක්. වයස් බේදයක් නැතුවම මේ චරිත එක්ක බැඳුනු රසිකයින් පිරිසක් ලෝකය පුරාම හමුවනවා. Superman, Hulk, Doctor strange, වගේ චරිත රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වුනා. මේ චරිත සියල්ලේම සම නිර්මාතෘ වරයා අද (12) ජිවිතයෙන් සමුගෙන තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 96ක්.

1922 වසරේ දෙසැම්බර් 28 වැනිදා ඇමරිකාවේ මැන්හැටන් නගරයේ උපත ලබන ඔහුගේ මුල් නම Stanley Martin Lieber. නමුත් ක්ෂේත්‍රයේ ඔහුව හඳුන්වන්න භාවිතා කළ නම Stan Lee. ඔහුගේ මව ceila අහ පියා Jack Lieber. අධ්‍යාපන කටයුතු වලින් පස්සේ ඔහු විවිධ රැකියාවන්හි නිරත වනවා. පුවත්පත් වලට මරණ දැන්වීම් ලියන්නෙක්, පසුව පුවත්පත් නිවේදන ලියන්නෙක්, ලිපි සපයන්නෙක් වගේ විවිධ කටයුතු. අවසානයේ ඔහු ඔහුගේම කතා ඇතුලත් පොත් රචකයෙක් බවට පත් වනවා.

ඔහුගේ ඊළඟ පියවර ආරම්භ වුනේ Marvel Comics හි ප්‍රධාන සංස්කාරකවරයා බවට පත්වීමත් සමගින්. මේ චරිත සියල්ල සිනමාවට ගෙන එන්න ඔහුට හැකියාව ලැබෙන්නේ ඒ සමගින්. Spiderman, Hulk, Doctor strange වගේ චරිත වගේම Fantastic four, Daredevil, Back Panther, X-men වගේ චිත්‍රපට වලත් සංකල්පයන්හි නිර්මාතෘවරයා වන්නේ ඔහු. ඔහුගේ බාල සහොදරයා වන Larry Lieber සමග එක්ව ඔහු නිර්මාණය කළ Ant man, Iron man, Thor වැනි චරිත නිර්මාණයටත් ඔහු දායක වුනා. කොහොම වුනත් වයස 96ක් පසුවද්දී ඔහු මෙලෙස ජිවිතයට සමුදී තිබෙනවා. ලෝකය පුරා ඔහු නිර්මාණය කළ චරිත වලට ආදරය කළ රසිකයින් මේ ප්‍රවෘත්තියත් සමග කණගාටුවට පත්ව ඇති බව සමාජ ජාලා මාධ්‍ය වල ඔවුන් තබා ඇති සටහන් වලින් පෙනෙනවා.

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2