Matrix සහෝදරයාගේ ලිංග විපර්යාසය

Avatar Cinema.lk A | November 5, 2012 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

Matrix සිනමා පටය කියන්නේ හොලිවුඩ් සිනමා ලෝකය තුළ ඉමහත් පෙරළියක් සිදු කළ අපුර්ව සිනමා පටයක්.යල් පැන ගිය සිනමා ක්‍රම වේදයන් පසෙකලා ඒ වන තෙක් ලොව පුරා ප්‍රේක්ෂකයින් නොදුටු විශේෂ ප්‍රයෝග හා දෘශ්‍ය ප්‍රයෝග රැසකින් සමන්විත ඉතාමත් ආකර්ශණීය විද්‍යා ප්‍රබන්ධ/ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස Matrix ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කළා.හැබැයි අපි දැන් කතා කරන්න හදන්නේ මේ Matrix චිත්‍රපටය ගැන නම් නෙවෙයි.මේ චිත්‍රපට මාලාව ලොවට දයාද කළ Andy Wachowski හා Larry Wachowski සහෝදරයන් ගැන.උප්පත්තියෙන්ම පිරිමියෙක් වු Larry Wachowski ගැන අමුතුම තාලයේ පුවතක් පසුගිය දා මාධ්‍ය තුළින් අපට අසන්නට ලැබුණා.

ඇමරිකාවේ පැවති මාධ්‍ය හමුවකදී  Larry Wachowski තමා ලිංග වෙනසකට භාජනය වූ පුද්ගලයෙක් බව ලොව හමුවේ කියා සිටියා. පිරිමියෙකු වූ තමා ලිංග විපර්යාසයකට කාලයක සිට ලක්වෙමින් තිබුණු බවත් අවසානයේ කාන්තාවක් බවට තමන්ගේ ලිංගිකත්වය ශල්‍ය කර්මයකින් සිදු කරගත් බවත්, තමාගේ දැන් නම  Lana Wachowski බවත් ඇ ප්‍රකාශ කර සිටියා. එම වෙනස වසර 2008 දී තමන්ගේ ස්පීඩ් රේසර් නම් චිත්‍රපටය තිරගත වූ කාලය අතරේ සිදු කරගත් බව කියා සිටි ඇය තමන් තරුණ ජීවිත කාලය තුළ මේ විපර්යාසයට මුහුණ දිය නොහැකි මානසිකත්වය හේතුවෙන් වරක් සිය දිවි නසා ගැනීමට සිතූ බවත් හෙළි කළා.

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.