Midseason Movie Awards 2022 ප්‍රධාන සම්මාන සියල්ලම එකම චිත්‍රපටයකට!!

Avatar Kavinu Weerakkody | July 17, 2022 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

අඛණ්ඩව පස්වන වරටත් පැවැත්වූ HCA Midseason Movie Awards හිදි ජයග්‍රහණය කළ සියලුම චිත්‍රපට සහ නලු නිළියන්ගේ නාමාවලිය දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. 2022 වසරේ පළමු මාස 06 ඇතුළත නිකුත් වූ චිත්‍රපට අතුරින් තෝරාගත් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙහිදී සම්මානයට පාත්‍ර වුනා. ලෝකයේ දැවැන්තම රසික සහ විචාරක සංසදයක් වන Hollywood Critics Association සාමුහිකය මඟින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සිනමා උළෙලේ ආරම්භය සිදු වුනේ 2018 වර්ෂයේදීයි.

2022ට අදාළ චිත්‍රපට ගැන සලකා බලමින් සම්මාන ප්‍රදානය කළ මෙවර උළෙලට Everything Everywhere All At Once, The Batman, Top Gun: Maverick ආදී වසරේ ජනප්‍රියම නිර්මාණ ගණනාවක් ඇතුළත්ව තිබුනා. මෙවර වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවක් හිමිව තිබුනේ මෙම වසරේ වැඩිම විචාරක අවධානය දිනාගත් හොලිවුඩ් චිත්‍රපටය ලෙසට හැඳින්වෙන Everything Everywhere All At Once සිනමා නිර්මාණයටයි. කාණ්ඩ 07ක් නියෝජනය කරමින් නිර්දේශවීම් 08ක් ලබා ගැනීමට ඊට හැකියාව ලැබී තිබුනා.
එමෙන්ම, උළෙලේ ප්‍රථම වතාවට ඉන්දියානු චිත්‍රපටයක්ද මෙවර nominations අතරට එක්ව තිබූ අතර එසේ අවසාන නිර්දේශවීම් අතරට පැමිණ තිබුනේ දක්ෂ දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ S.S. Rajamouliගේ RRR තෙළිඟු සිනමාපටයයි.

උළෙල අවසානයේදී, මෙවර ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්ව තිබුනේ මෙලෙසයි.

Best Picture:

Everything Everywhere All At Once
Cha Cha Real Smooth
Elvis
Marcel The Shell With Shoes On
RRR (Runner – Up)
The Batman
The Northman
The Unbearable Weight of Massive Talent
Top Gun: Maverick
Turning Red

Best Actor:

Austin Butler – Elvis
Alexander Skarsgård – The Northman
Nicolas Cage – The Unbearable Weight of Massive Talent
Sebastian Stan – Fresh
Tom Cruise – Top Gun: Maverick (Runner – Up)

Best Actress:

Michelle Yeoh – Everything Everywhere All At Once
Daisy Edgar-Jones – Fresh
Emma Thompson – Good Luck to You, Leo Grande (Runner – Up)
Jenna Ortega – The Fallout
Mia Goth – X

Best Supporting Actor:

Ke Huy Quan – Everything Everywhere All At Once
Colin Farrell – The Batman
Miles Teller – Top Gun: Maverick
Paul Dano – The Batman
Pedro Pascal – The Unbearable Weight of Massive Talent (Runner – Up)

Best Supporting Actress:

Stephanie Hsu – Everything Everywhere All At Once
Anya Taylor-Joy – The Northman
Dakota Johnson – Cha Cha Real Smooth
Jamie Lee Curtis – Everything Everywhere All At Once (Runner – Up)
Zoë Kravitz – The Batman

Best Director:

The Daniels – Everything Everywhere All At Once
Baz Luhrmann – Elvis
Joseph Kosinski – Top Gun: Maverick (Runner – Up)
Matt Reeves – The Batman
Robert Eggers – The Northman

Best Screenplay:

The Daniels – Everything Everywhere All At Once
Cooper Raiff – Cha Cha Real Smooth
Matt Reeves & Peter Craig – The Batman
Graham Moore – The Outfit
Tom Gormican and Kevin Etten – The Unbearable Weight of Massive Talent (Runner – Up)

Best Horror:

Fresh
Master
Scream
The Black Phone
X (Runner – Up)

Best Indie Film:

Everything Everywhere All At Once
After Yang
Emergency
Marcel The Shell with Shoes On (Runner – Up)
X

Most Anticipated Film:

Nope
Avatar: The Way of Water
Babylon (Runner – Up)
Don’t Worry, Darling
Killers of the Flower Moon

නිර්දේශ වූ කාණ්ඩ හතෙන් හතම ජයග්‍රහණය කරමින් 2022 – Midseason Movie Awards හි වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය බවට පත්වුනේ Everything Everywhere All At Once සිනමා නිර්මාණයයි. එමෙන්ම ‌විශිෂ්ටතම චිත්‍රපටය හෙවත් Best Picture සම්මානයට තරඟ වැදුනු RRR ඉන්දීය සිනමාපටය ද ‌එම කාණ්ඩයේ සෙසු චිත්‍රපට සියල්ලම පාහේ අභිබවමින් දෙවන හොඳම චිත්‍රපටය (Runner Up) ලෙස ජයග්‍රහණය කළා.

මෙම HCA Midseason Movie Awards සිනමා රාත්‍රියේදී සිදුවන්නේ සෑම වසරකම මුල් මාස 06 ඇතුළතදී නිකුත් වූ චිත්‍රපට පිළිබඳ සලකා බලමින් ඒවා අතරින් විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන ප්‍රදානය කිරීමයි. ඊට සුදුසු චිත්‍රපට තෝරා ගැනීම සඳහා සෑම වසරකම ජුනි මාසයේදී Hollywood Critics Association සංවිධානය නියෝජනය කරමින්, පිළිගත් සිනමාවේදීන්ගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් නම් කරන අතර ඔවුන් විසින් අදාළ වසරේ මුල් භාගයේදී නිකුත් වූ චිත්‍රපට පිළිබඳව විමසීමක් සිදු කරනු ලබනවා. එයින් පසු, ජුනි දෙවන සතිය වනවිට ඒවා අතරින් සම්මානයට පාත්‍ර වීමට සුදුසු චිත්‍රපට නාමාවලියක් ඔවුන් විසින් ලැයිස්තුගත කරනවා.

Hollywood Critics Association සංවිධානයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා එම අවසන් නිර්දේශ වීම් ලැයිස්තුව මාධ්‍යයට නිරාවරණය කරනු ලබන්නේ සෑම වසරකම ජූනි මාසයේ අග සතියේදී යි. ඉන්පසුව, එම nominations තුළින් ජයග්‍රහණය කරනු ලබන චිත්‍රපට ගැන දැනුම් දෙන්නේ අදාළ වර්ෂයේ ජුලි මාසයේදී පවත්වනු ලබන මෙම HCA Midseason Awards සම්මාන රාත්‍රියේදී යි.

Share

61 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.