Mobile එකට addict වෙලාද..? මේ චිත්‍රපටය බලන්නම වෙනවා

Avatar Nisanka Weheraduwa | November 9, 2018 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

Mobile එකට අපි දවසින් දවස addict වෙනවා. දැන් වෙද්දී mobile phone එක අතේ නැතුව ගියොත් දවස ගෙවාගන්න කොහොමද, සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියන දේවල් බරපතල ගැටළුවක් විය හැකියි. මේ කාරණේ පදනම් කරගෙන අපූරු චිත්‍රපටයක් නිර්මාණය වනවා ඉන්දියාවේ. චිත්‍රපටය විශේෂිත වන කාරණා කිහිපයක්ම තිබෙන බවයි අන්තර්ජාල තොරතුරු වල කියවෙන්නේ.

ඉන්දියාවේ නිර්මාණය කෙරෙන ද්‍රවිඩ චිත්‍රපටයක් මේ. චිත්‍රපටය නම් කරලා තියෙන්නේ 2.0 කියලයි. මේක අධ්‍යක්ෂණය කරන්නේ S.Sankar විසින්. තිර රචනය සිදුකර තිබෙන්නේත් ඔහු විසින්මයි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනාත් විශේෂිතයි. ද්‍රවිඩ සිනමාවේ වීරයා වන Rajini Kanth සමගින් හින්දි සිනමාවේ සුපිරි නළුවකු වන Akshey Kumar ප්‍රධාන චරිත දෙකට දායක වනවා. Ami Jackson මෙහි උප ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්ව තිබෙන බව සඳහන්.

චිත්‍රපටයට සංගීතය නිර්මාණයෙන් දායක වන්නේ ලෝක ප්‍රකට සංගීත නිර්මාණවේදී A.R.Rahman. චිත්‍රපටය නොවැම්බර් මස අවසානයේ තිරගතවීම් ඇරඹෙන බව සඳහන් වනවා. ඉන්දියානු සිනමාවට වගේම සිනමා ලෝලින්ටත් මෙය අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක් වනු ඇති බව පැවසෙනවා.

 

Share

44 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.