Mohini සමග ඉන්දීය නිළි Trisha Krishnan යළිත්..

Avatar Nisanka Weheraduwa | June 11, 2018 114 Views 0 Likes 0 Ratings

114 Views 0 Ratings Rate it

අපේ අසල්වැසි ඉන්දියාව කියන්නේ අපට භෞතිකව වගේම සංස්කෘතිකවත් බෙහෙවින් සමීප රටක්. ඉන්දියාවේ සංගීතය, චිත්‍රපට සහ නැටුම්  කියන මාධ්‍ය තුන මේ අතරින් අපට වඩාත් සමීපයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය කොටස් කිහිපයක් යටතේ අපට හඳුනාගන්න හැකියාව තිබෙනවා. බොලිවුඩ් හෙවත් හින්දි සිනමාව, දමිළ (දකුණු ඉන්දියානු) තෙලිඟු, මලයාලම්, කන්නඩ, මරාති ඇතුළු විවිධ කොටස් සහිත ඉන්දීය සිනමාවේ බොහෝ චිත්‍රපට අපට සමීප වනවා. මේ අතර හින්දි සහ දමිළ චිත්‍රපට විශේෂයි.

මේ කියන්න යන්නෙත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් පිළිබඳව. අලුතින්ම නිර්මාණය වන ඉදිරියේදී තිරගත වීමට නියමිත අපූරු ද්‍රවිඩ චිත්‍රපටයක්. Tamil horror thriller චිත්‍රපටයක් විදිහටයි මේ චිත්‍රපටය වර්ගීකරණය කොට තිබෙන්නේ. චිත්‍රපටයේ ප්‍රධානම විශේෂත්වය වන්නේ මේ සඳහා දායක වන රංගන ශිල්පිනිය. ජනප්‍රිය ද්‍රවිඩ සිනමා නිළියක් වන Trisha Krishnan මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වනවා. ඒ චිත්‍රපටයේ වෛශාලි ලෙසින්. 1983 වර්ෂයේ උපත ලැබූ Trisha 1999 වර්ෂයේ Miss Madras ලෙස තේරී පත්වීමත් සමග 1999 වසරේ නිර්මාණය කෙරුණු Jodi චිත්‍රපටයට සහය නිළියක ලෙස චරිත රංගනයට එක වුනා. 2002 වසරේ Mounam Pesiyadhe චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් ඇය සිනමාවේ නිළියක ලෙස යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තිබෙනවා. ඇය කලකට පසුව යළිත් සිනමාපටයකට එක්ව තිබෙන්නේ Mohini චිත්‍රපටය හරහා බව පැවසෙනවා.

2016 වර්ෂයේදී එංගලන්තයේ විවිධ ස්ථාන කිහිපයක සහ ප්‍රධාන වශයෙන් ලන්ඩනයේ මේ චිත්‍රපටය රුගත කොට තිබෙනවා.  චිත්‍රපටය සඳහා තිරරචනය කොට තිබෙන්නේත් එහි අධ්‍යක්ෂවරයා විසින්මයි. ඒ, Ramana Madhesh විසින්. Trisha සමග ප්‍රධාන චරිතය රංගනයට එක්වන්නේ ජනප්‍රිය හින්දි නළුවකු වන Jackky Bhagnani. ඊට අමතරව Suresh, Poornima Bhagyaraj චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා. මේ චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වනවා. දමිළ සිනමාපට වලට කැමති රසිකයින් විශාල පිරිසක් මේ චිත්‍රපටය නිකුත් වන තුරු නොඉවසිල්ලෙන් පසුවන බවත් සඳහන්.

Share

114 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.