Sri Lanka's Best Cinema Portal

 


කෙල්ලගෙයි,බල්ලගෙයි අමුතු ආදරේ

0
Posted May 9, 2013 by Cinema.lk A in News
movie star Pudsey

ඉකුත් වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු රියැලිටි වැඩසටහනක් වන “බ්‍රිටේන්ස් ගොට් ටැලන්ට්” හි ජයග්‍රාහකයා වූ “පඩ්සි” නමැති සුනඛ සුරතලා ඔහුගේ හිමිකාරිණිය වන ඈෂ්ලි බට්ලර් සමග හොලිවුඩයේ බලා පියාසර කළේ පඩ්සිගේ දක්ෂතා හොලිවුඩ් සිනමා පටයකින් අභිෂේක ගැන්වීමේ බලා‍පොරොත්තුව ඇතිවය. සිය ආදරණීය සුනඛ සුරතලාගේ හිත සුව පිණිසම සිය අනාගතයත් ජීවිතයත් කැපකරමින් සිටින දහඅට හැවිරිදි ඈෂ්ලිගේ බලා‍පොරොත්තු සඵල කරමින් එළැඹෙන ගිම්හාන සෘතුවේ සිට පඩ්සි සිය නවතම හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි වනු ඇත.

ඉකුත් වසරේ ඔස්කාර් සිනමා සම්මාන උළෙ‍ලේදී හොඳම චිත්‍රපටය ලෙස කිරුළු පැළඳි “ද ආටිස්ට්” හි විශිෂ්ට රංගනයක් සිදුකරමින් හොලිවුඩයේ සුපිරි සුනඛ තරුව බවට පත්වූ අගීගේ අඩි පාරේ ගමන් කිරීමට සැරසෙන පඩ්සි හා ඈෂ්ලි සුප්‍රකට “හෙලෝ” සඟරාව විසින් පසුගියදා හමුවන ලද්දේ හොලිවුඩය ජයගැනීමට සැරසෙන පඩ්සිගේ අලුත්ම තොරතුරු ඔහුගේ රසිකයන් වෙත ගෙන ඒමටය. පඩ්සිගේ හොලිවුඩ් ජයග්‍රහණයට සුබපතනු වස් ඔහුට “හැරඩ්ස් හි පිහිටි”සුරතලුන්ටම වෙන්වූ රූපලාවන්‍ය හා සත්කාර ඒකකයේ දිනක විශේෂ සත්කාරයන් ලබාදීමටද “හෙලෝ” සඟරාව සිය අනුග්‍රහය ලබාදී තිබිණි. හොලිවුඩ් සිනමා වරම් ලැබිම  හැරුණු කල බ්‍රිටේන්ස් ගොට් වැලන්ට් තරගයෙන් ජය ලැබූ දින සිට මේ වනතෙක්  පඩ්සි ලද තවත් ජයග්‍රහණ බොහෝමයකි. එළිසබෙත් මහා රැජින වෙනුවෙන් දෙවරක්ම නර්ථන ඉදිරිපත් කිරීම සජීවි  රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවන්ට සුප්‍රකට නිරූපණ ශිල්පිනී “කිම් කාඩෂියන්” සමග සහභාගි වීමට ලැබිම ඒ අතරින් විශේෂය. බ්‍රිටේන්ස් ගොට් වැලන්ට් හි විනිසුරු “සයිමන් කොවෙල්”ගේ පෞද්ගලික ජෙට් යානයෙන් ලොස් ඇන්ජලිස් වෙත පැමිණි පඩ්සි වෙනුවෙන්
ඈෂ්ලි සතුව බලා‍පොරොත්තු බොහොමයකි. ඔස්කා සම්මානයක් හිමිකර ගැනීම එවන් අපේක්ෂාවන් අතරින් ඉහළින්ම වැජඹෙන්නකි. පඩ්සිගේ රංගනයන් වෙනුවෙන් ඔස්කා සම්මානයක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකිවේදැයි කොවෙල් ඇසූ කල දෙවරක් නොසිතා ඈෂ්ලි “ඔව්” යැයි පවසා ඇත්තේ එහෙයිනි.
වර්ටිගෝ චිත්‍රපට සමාගම හා කොවෙල්ගේ සයිකෝ එන්ටර්ටේන්මන්ට් ආයතනය එකතුව
නිෂ්පාදනය කරන පඩ්සිගේ අද්විතීය රංගනයන් ඇතුළත් චිත්‍රපටය එළැඹෙන නත්තල් සමයේදී එළිදැක්වීමට සැලසුම්කොට ඇති අතර, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන වීරයාගේ චරිතයට සාධාරණය ඉටුකරනු ලබන්නේ පඩ්සි විසිනි. එහිදී පඩ්සිට ආදරවන්තියක් හමුවන්නේද යන්න වගද  පඩ්සි රසිකයන්ට ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇත.

ඈෂ්ලි නම් පවසනුයේ ස්වභාවයෙන්ම අඟරදඟර පෑමට දක්ෂ පඩ්සි එවැනි යෝජනාවකට සිය පූර්ණ අනුමැතිය ප්‍රකාශ කරනු ඇති බවයි. මේ වනවිට පඩ්සිගේ වයස අවුරුදු හතක් බව පැවැසේ.
හොලිවුඩ් සිනමාවේදී සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කිරීමට තරම් පඩ්සි වාසනාවන්ත වුවද තමාට ලැබෙන තරු සැලකිලිවලින් පඩ්සි හිස උදුම්මවාගෙන නැති බව ඈෂ්ලි පවසන්නේ සතුටිනි. රූගත කිරීම් අතරවාරයේදී ලැබෙන කෙටි නින්දකින්ද සීමිත පහසුකම්වලින්ද සෑහීමට පත්වීමටත් පඩ්සි ප්‍රියකළද, ඔහුගේ සුව පහසුව වෙනුවෙන් හැකි හැමවිටම විදුලි පංකාවක සිසිල සලසා දීමට ඈෂ්ලි උත්සුක
වන්නීය. පඩ්සි රඟන චිත්‍රපටයට ඈෂ්ලිද රංගනයෙන් දායක වන්නේද කියා තීරණය කෙරී නැති මුත් කැමරාවෙන් පිටුපස හිඳිමින් පඩ්සිට ගුරුහරුකම් ලබාදීමට බලා‍පොරොත්තු වන ඈෂ්ලි නව චිත්‍රපටය වෙනුවෙන්ම අලුත්ම දස්කම් කීපයක්ද පඩ්සිට පුහුණුකොට ඇති අතර, සංඥා භාෂාවට ප්‍රතිචාර දැක්වීම ඒ අතරින් එකකි. රූගත කිරීම් තුළදී වුවද පඩ්සිට නිවැරදි උපදෙස් ලබාදීමට ඈෂ්ලිට ඉන් අවස්ථාව
සැලසෙනු ඇත.

කෙසේ වුවද රංගනය යනු පඩ්සිට නව අත්දැකීමක් නම් නොවේ. පසුගිය නත්තල් සමයේදී පඩ්සි පුංචි තීරයේ මිස්ටර් ස්ටින්ක් නාට්‍යයේ හියු බොන්විල් හා ෂෙරිඩාන් ස්මිත් සමග පෙනී සිටි පඩ්සි ඈෂ්ලි හා එක්ව ජාතික රූපවාහිනි සම්මාන රාත්‍රියේදී තමන්ගේම ඌරූවට ඉදිරිපත් කළ “ගැංග්නම්” නර්ථනය කාගේත් නෙත්සිත් පැහැරගැනීමට සමත්ව තිබිණි.

movie star Pudsey movie star Pudsey movie star Pudsey movie star Pudsey movie star Pudsey movie star Pudsey 001c0071-0000-0000-0000-000000000000_3d8b93c6-5f82-4dff-b4d0-0f0056fb821c_20120512095641_TX03_BGT_Ashleigh_and_Pudsey_02

Share

About the Author

Cinema.lk A