අපරභාගයේ කඩා හැලෙන නිකිණි වැස්ස

Avatar Cinema.lk A | June 7, 2013 41 Views 0 Likes 0 Ratings

41 Views 0 Ratings Rate it

මේ සිංහල සිනමාවේ වසන්ත කාලයේ ආරම්භයයි.මේ,සිනමාව නම් නිරුදක කතරට වැසි බිඳු වැටෙනා සමයයි.ඒ පොඳ වැස්ස අද සවස් භාගයේදී මහා වැස්සක් සේ කඩා හැලෙන්නේ තවත් තරුණයෙකු මෙරට සිනමා කරළියට ජනිත කරමිනි.

ඔහු අරුණ ජයවර්ධන…ඔහුට දාව උපදින්නට සැරසෙන ඒ බිළිදා නිකිණි වැස්සයි.මෙරට සිනමා රසිකයන්ට උසස් වින්දනයක් සහිත සිනමා රසවින්දනයක් ඇති කරනු වස් අරුණ ගත් වෑයම පිටරැටියන් අතර මහත් ඇගයුමට පාත්‍ර වුවා.

මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන ජූරිය මඟින් පිරිනමන ලද Golden Cyclo නමැති ප්‍රධාන සම්මානය දිනා ගැනීමයි. එම සම්මානයට අමතරව ඔහුට යුරෝ 1500/-ක් හිමි විය.මෙම උලෙළේදීම ‘නිකිණි වැස්ස’ ලබා ගත් දෙවන සම්මානය වූයේ හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනමනු ලබන NETPA සම්මානයයි.

වෛද්‍ය කුසුම්සිරි සිල්වාගේ නිෂ්පාදනයක් වන මෙහි චාන්දනී සෙනෙවිරත්න ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. ඇය මෙම චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන් ඩුබායි අන්තර් ජාතික සිනමා උළෙල (2011) හි ජූරියේ විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබුවාය.

නිකිණි වැස්ස හැඩ කරන අනෙකුත් නළු නිළියන් වනුයේ බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ජගත් මනුවර්ණ, තුමිදු දොඩම්තැන්න, සුලෝචනා වීරසිංහ සහ ලක්ෂ්මන් මෙන්ඩිස්ය.

කැමරාව චන්න දේශප්‍රිය මෙහෙයවා ඇත. ජීවන්ත දේවප්‍රියගේ සංස්කරණයකි. නදීක ගුරුගේ සංගීත නිර්මාණය කොට තිබේ.

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද අරුණගෙනි.

අද දින පටන් (07) රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි

Nikini Wessa (August Drizzle) – නිකිණි වැස්ස

Share

41 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.