OSAKA සිනමා උළෙලේ හොඳම නිළිය නිල්මිණි සිගේරා

Avatar Nisanka Weheraduwa | March 17, 2019 23 Views 0 Likes 0 Ratings

23 Views 0 Ratings Rate it

14 වැනි OSAKA අන්තර්ජාතික චිත්‍රපට උළෙල මේ දිනවල ජපානයේදී පැවැත්වෙනවා.  සිනමාවේදී අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අසන්ධිමිත්තා” චිත්‍රපටය මේ සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළා. පසුගිය 13 වැනිදා සහ අද එනම්, 17 වැනිදා  සිනමා උළෙලේදී අසන්ධිමිත්තා චිත්‍රපටය තිරගත කොට තිබුනා.

මාර්තු 17 වැනිදා, එනම් අද මීට සුළු මොහොතකට ඉහතදී ජපානයේදී OSAKA සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා. එහිදී උළෙලේ තිරගත වුනු චිත්‍රපට වල චරිත නිරුපණය කළ සියළු ශිල්පිනියන් අභිබවා විශිෂ්ටම චරිත නිරුපණය උදෙසා වන “යාකුෂි මුතු” සම්මානය “අසන්ධිමිත්තා” චිත්‍රපටයේ අසන්ධිමිත්තාගේ චරිතය නිරූපණය කළ නිල්මිණි සිගේරා විසින් ලබාගෙන තිබෙනවා. උළෙලේදී චිත්‍රපටය සහ එහි රංගන ශිල්පිනිය වෙත උණුසුම් ප්‍රතිචාර ලැබුණු බවද සඳහන් වනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ අසෝක හඳගම සහ රංගන ශිල්පිනි නිල්මිණි සිගේරා, ඔබට cinema.lk අපෙන් සුබ පැතුම්..!

53830292_2290993791228589_5353617962131521536_n 53857774_2290993881228580_3206461852632481792_n 53900794_2290993394561962_4619086212718657536_n 54255683_2290993824561919_4685217134140194816_n 54257749_1998681036867858_3942395492255662080_n 54421005_2290993687895266_7272807038739021824_n 54524730_2290993537895281_156660809022308352_n

Share

23 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.