Sri Lanka's Best Cinema Portal

 

OSCAR සම්මාන ද්විත්වයකට The Post සිනමාපටය නිර්දේශ වෙයි

0
Posted February 23, 2018 by Nisanka Weheraduwa in Articles
MV5BMTU0Mjk3MDkwMF5BMl5BanBnXkFtZTgwMTY5NzA1NDM@._V1_SY1000_CR0013511000_AL_

OSCAR හෙවත් Academy සම්මාන උළෙල හොලිවුඩ් පුරයේ පැවැත්වෙන අති දැවැන්ත සිනමා සම්මාන උළෙලක්. මෙවර එනම් 2018 වසරේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 90 වනි වරටයි. පසුගියදා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් කවරේදැයි නිකුත් කෙරුනේ ප්‍රාසාංගික ආකාරයකින්. මාර්තු 04 වැනිදා ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන හෙයින් ඊට පෙර සිටම හොලිවුඩ් පුරය සැණකෙලියක සිරි ගන්නා බවත් සඳහන්. සම්මාන උළෙල සජීවී ලෙස විකාශනය කිරීමටත් සියලු කටයුතු සුදානම්.

නිර්දේශිත නාමයන් නිකුත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනේ ප්‍රධානය ධාරාවේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත්තේ කවුරුන්ද යන්න ගැනයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම ප්‍රධාන නළුවා සහ හොඳම ප්‍රධාන නිළිය යන අංශ සඳහා වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍යයි. මෙවර සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයකට  නිර්දේශ වීමට The Post චිත්‍රපටය සමත්ව තිබෙනවා.

2017 වසරේ නිර්මාණය කෙරුණු The Post චිත්‍රපටය 1960 දශකයේ වියට්නාම් යුද්ධය පසුමිම් කරගත් සිදුවීමක් වටා ගොඩනැගී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Steven Spielberg විසින්. Liz Hannah සහ Josh Singer විසින් චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබෙනවා. Meryl Streep සහ Tom Hanks මෙහි ප්‍රධාන චරිත ද්විත්වය නිරුපනය කරනවා. Sarah Paulson, Bob Odenkirk, Tracy Letts ඇතුළු නළු නිලියන් පිරිසක් සෙසු චරිත සංධා දායකත්වය ලබාදී තිබෙනවා. විනාඩි 116ක ධාවන කාලයක් සහිත වන මේ චිත්‍රපටයට වැයකොට අති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වනවා.

90 වැනි OSCAR සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශයන් අතරට එක වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. එසේම හොඳම නිළිය ලෙස නිර්දේශිත නාමයන් අතරට එක්වීමට Meryl Streep සමත්ව තිබෙනවා. මාර්තු 04 වැනිදා පැවැත්වෙන OSCAR සම්මාන ප්‍රධානය කිරීමේ උළෙලේදී මේ නිර්දේශිත නාමයන් අතුරින් සම්මානලාභීන් කවුරුන්දැයි දැනගත හැකි වනවා.

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2