Sri Lanka's Best Cinema Portal

 

OSCAR සම්මාන රැසක් සඳහා Beauty and the beast නිර්දේශ වෙයි

0
Posted February 13, 2018 by Nisanka Weheraduwa in Articles
BATB-20170321120405454

ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය ඇරඹි ඇති හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

නිර්දේශ නාමයන් නිවේදනය කිරීමෙන් පසු බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණේ ඒ නිර්දේශ නාමයන් පිළිබඳව සහ ඒ තේමාවන් පිළිබඳවයි. ඒ අතුරින් සිනමාපට ත්‍රිත්වයක් විශේෂ ස්ථාන හිමිකර ගනී. ඒ ප්‍රධාන අංශයේ සම්මාන රැසක් සඳහාම නිර්දේශ වීම හේතුවෙනි. Beauty and the beast චිත්‍රපටය මේ අතරින් වැදගත් තැනක් හිමිකරගෙන තිබේ. හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය ඇතුළු සම්මාන කිහිපයකටම නිර්දේශ වීමට මේ චිත්‍රපටය සමත්ව ඇත.

Bill Condon අධ්‍යක්ෂණය කොට ඇතිමේ චිත්‍රපටය Stephen Chbosky සහ Evan Sppiliotopoulous විසින් තිර රචනය සිදුකොට තිබේ. Emma Watson, Kevin Kline, Dan Stevens, Josh Gad eti, Euke Evans ඇතුළු රංගන ශිල්පින් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබේ. විනාඩි 129ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයට දරා අති මුළු වියදම ඇ.ඩො.මිලියන 160කි. මාර්තු 04 වැනිදා පැවැත්වෙන OSCAR සිනමා උළෙලේදී මේ චිත්‍රපටය කෙලෙස සම්මානයට පාත්‍ර වනු ඇත්දැයි දැනගැනීමට රසිකයින්ට අවස්ථාව උදා වෙයි.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2