Sri Lanka's Best Cinema Portal

 

දෙරණ සිනමා සම්මාන කවුරුද හරි?

0
Posted November 26, 2015 by Cinema.lk A in Articles
IMG_5631

දෙරණ සිනමා සම්මාන කවුරුද හරි?

සිනමා සම්මාන උලෙළක් අවසානයේ නැඟෙන මති මතාන්තර හා අදහස් ලෝකයේ ඕනෑම රටක සිනමා උලෙළක පොදු කතාන්තරයකි. එහෙත් පසුගියදා දෙරණ සිනමා උලෙළේ ඇතැම් සම්මාන සම්බන්ධව ඇති වූ කතාබහ සමාජ වෙබ් අඩවි ඔස්සේ විශාල කතිකාවකට මුල පුරා ඇත්තේය. මේ පිළිබඳ පාඨකයන් කිහිප දෙනෙකුම සරසවියට ද විවිධ ලිපි ලියා එවා තිබිණ. මෙම ලිපිය අප විසින් පළ කරනු ලබනුයේ යහපත් සිනමාව පිළිබඳ කතිකාවක් හැටියටය. දෙරණ සිනමා ජූරිය එතෙක් මෙතෙක් මෙරට සිනමා ජූරියකට සහභාගි වූ වඩාත්ම සිනමාව හා සම්බන්ධ ඒ පිළිබඳ හසල දැනුමෙන් යුත් ජූරිය නිසාවෙනි. එමෙන්ම මෙම අදහස අදාළ ලේඛකයාගේ මතය විනා සරසවිය මතය නොවන බවද කරුණාවෙන් සලකන්න.එබැවින් මෙම ලිපිය සම්බන්ධව සියලු පාර්ශවයන්ට අදහස් දැක්වීමේ අයිතිය සඳහා සරසවිය විවෘත කර ඇති වග මෙහි සඳහන් කරමු.

කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලට පසු, ඒ උණුසුම මැදම තුන්වන දෙරණ සිනමා සම්මාන උළෙල පැවැත්වුනා. සිනමා සැණකෙළිය වගේ තිබුණු කොළඹ නගරය අන්තර්ජාතික සිනමාවෙන් පිනා ගොස් තිබූ වෙලාවක ශී‍්‍ර ලංකේය සිනමාව දිහා ආඩම්බරයෙන් බලන්න අවස්ථාවක් ලැබුනා. පසුගිය වසරේ කැපී පෙනුනු සිනමා කෘති ගැන සිතමින් මමත් මහා වැස්සේ උජාරුවට ඇඳගෙන නෙලුම් පොකුණට ගොඩවැදුනා. මට මතක් වුනු චිත්‍රපට වූයේ, තණ්හා රතී රඟා, සැමීගේ කතාව, වරිගපොජ්ජ, කොස්තාපල් පුඤ්ඤසෝමේ වැනි චිත්‍රපට කිහිපයක්. සම්මාන උළෙල ආරම්භ වුනා. ඉතා ගාම්භීර ආරම්බයක් ගත් සම්මාන උළෙලේ පළමු සම්මානය ඇඳුම් නිර්මාණ කරණය සඳහායි. කේ සාරා නමැති මාගේ ලයිස්තුවේ නොතිබුණු මෙම චිත්‍රපටයට පළමු සම්මානය හිමිවුණා.

මා මින් පෙර නොබලූ චිත්‍රපටයක් නිසා මා ඒ පිලිබඳ උනන්දු වුනා. කේ සාරා සම්මාන පිට සම්මාන දිනා ගන්න පටන් ගත්තා. හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම දුෂ්ටයා, හොඳම ගීතය, හොඳම ගායකයා, හොඳම ගායිකාව, හොඳම ගීතය, හොඳම සහාය නළුවා, හොඳම විකට නළුවා හා හොඳම නිළිය යන සම්මාන රැලක් දිනාගනිද්දී, අපේ සිනමාවේ මට මග හැරුණු මේ කෘතිය නැරඹීමට නොබැලීම ගැන මට මං ගැනම ලජ්ජා හිතුනා. මෙය මා හෙට දවසේ බැලිය යුතුම චිත්‍රපටය වූයේ ඒ සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමීමත් එහි අධ්‍යක්ෂක වන පරාක්‍රම ජයසිංහ, ඩේවිඩ් ලීන් ගේ පාඨයක් මිමිනීමත් සමගමයි. සම්මාන උළෙල අවසන් වුනා. වසරේ හොඳම චිත්‍රපටයට හා තවත් සම්මාන අටක් දිනාගත් තණ්හා රතී රඟා චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශපි‍්‍රය හා ඔහුගේ කණ්ඩායමට සුභපතා මා නෙලුම් පොකුණෙන් නිකම්යාමට එලියට බැස්ස. සිනමාවේ ප්‍රවීනයින් මුණගැසුණු මම හැමෝගෙන්ම එක ප්‍රශ්නයක් ඇහුවා. “කේ සරා” බැලුවාද? කේ සරා බැලූ කිසිවෙක් මට හමුවුනේ නෑ. මම ගෙදර ඇවිත් මහ රෑම රධභබභඡඥ එකේ කේ සරා බපචඪතඥප එක බැලුවා. මා බලන්නේ හරි එකමද කියා විශ්වාස නැති නිසා නැවත නැවතත් අධ්‍යක්ෂකගේ නම දිහා බැලුවා. මට ජූරියේ සිටි මූණවල් ටික මතක් වුනා. එහි ජූරිය වූ අශෝක හඳගම, සුදත් මහාදිවුල්වැව, චාන්දනී සෙනෙවිරත්න, යශෝධා විමලධර්ම සහ පියල් කාරියවසම් පිලිබඳ දැඩි විශ්වාසයකින් යුතුව කෙසේ හෝ මෙම චිත්‍රපටයේ ච්ඍච් එකක් හොයාගන්නා අදහසින් නින්දට ගියා.

වැඩපොළේ මිතුරන් සමග කතාකළ පසුව,දිනක් එක මිතුරෙක් ‘කේ සරා’ ච්ඍච් එක පිටකොටුවෙන් රුපියල් 100 කට මිලදී ගත් බව ඵථඵ එකකින් මට දැනුම් දුන්නා. ඒ මොහොතේම මම ඔහුට කතා කළා. ඒ වනවිටත් ඔහු පක්ෂ කාර්යාලයේ සිට පරිගණකයේ ච්ඍච් එක වැඩද කියල බලලා තිබුනා. ඔහු මගෙන් ඇහුවේ එකදෙයයි. “උඹට මේක බලන්නම ඕනෙද?” කියා අසනවිට, සම්මානනීය කෘති කොහොමත් අපේ අය නොබලන නිසා මට නැවත ජූරිය ගැන විශ්වාසයක් ගොඩනැගුනා. සගයින් පස්දෙනෙකු සමඟ කාර්යාලයේදී රාතී‍්‍ර 8ට පමණ ‘කේ සරා’ බලන්න පටන්ගත්තා

මුලසිටම ඉතාම ලාබාල නාට්‍යයක ස්වරූපයක් ගත් එම චිත්‍රපටය බලනවිට පරාක්‍රම, ඩේවිඩ් ලීන් තියා චිත්‍රපට බලා ඇතිදැයි මම විමතියට පත්වුණා. මට පරාක්‍රම ගැන ඇතිවුයේ මහා අනුකම්පාවක් වගේම චිත්‍රපටය අමාරුවෙන් හරි අවසානය දක්වා බලන්න තීරණය කලේ මේ මහා ප්‍රාඥයන් කීපදෙනෙක් දැකපු මට තවමත් හමුනොවුණු සෞන්දර්ය චිත්‍රපටයේ අවසානයේදී හෝ දිග හැරෙයි යන බලාපොරොත්තුවෙනි. මෙම නාට්‍යයේ අවසානයේදී ජුරිය ගැන මහා පිළිකුලක් හා තරහක් ඇතිවුණු නිසා, මිතුරන් සමග පාන්දර 3 වනතුරුම සව්දිය පුරා ශී‍්‍ර ලංකාවේ කුහක සිනමා කරුවන් ගැන බැනවදින්න වුනා. එක හරිම වේදනාකාරී අත්දැකීමක්. අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව, චාන්දනී සෙනෙවිරත්න, යශෝධා විමලධර්ම සහ පියල් කාරියවසම් විශ්වාස කරන සිනමාව මේකනම්, අන්තර්ජාතික සිනමා උළෙලක් පමණක් පවත්තවා, මේ රටේ සිනමා කෘති වහාම අත්හිට විය යුතුයි කියලා මට හිතුනා.

පසුවදා වැඩට ගිය මම, දෙරණ නාලිකාවෙන් කරන සේවය ඇගයීමටත් ‘කේ සරා’ පිලිබඳ විමසීමටත් එහි සේවය කරන මිතුරන් කීපදෙනෙක්ම ඇමතුවා. ඔවුන්ද ජූරිය ඉදිරියේ අසරණ වී ඇතිබව මට හැඟී ගියා. මුළු සම්මාන උළෙල ගැනම නැවත ආවර්ජනයක් කළයුතු බව මට හැඟුනා. හඳයාටවත් දිවුලාටවත් කතා කිරීම වචන නාස්ති කරගැනීමක් නිසාත්, ලිපියකින් මෙය ලියා සරසවිය පුවත්පතට යැවීමට මම තීරණය කළා.

දෙරණට වැරදුනු තැන

සිනමා සම්මාන පිලිබඳ ජූරියක් සෑදීමේදී ප්‍රථමයෙන් සමකාලීන සිනමාකරුවන් යොදාගැනීම හරහා වෘතීමය වශයෙන් බලපෑම් විය හැකී. ඊටත් වඩා ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ අසාර්ථක වුනු අධ්‍යක්ෂවරුන් යොදා ගැනීමෙන් සාර්ථක වූ අධ්‍යක්ෂවරුන් සඳහා සම්මාන ලබාදීම විහිළුවක් යැයි මට හිතෙනවා. ඒවගේම නිළියන් දෙදෙනෙක් හා එක් නාට්‍යය කරුවෙක් හා රචකයෙක් දන්න සිනමාව කුමක්දැයි කේ සරා හරහා අපට මානව පෙන්නුම් කර දුන්නා. ඉතා හොඳ වානිජ සිනමා කර්මාන්තයක සිහින දකින දෙරණ නාලිකා ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ, දුර්වල චිත්‍රපටිවලට සම්මාන පිරිනැමීම ගැන දැන් මොනවා හිතනවා ඇතිද?. ජූරියේ දැක්ම ‘කේ සරා’ තුලින් හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියාට හිම සම්මානය : චිත්‍රපටයේ ආරම්භයේ සිටම අලුත්ම අලුත් කැඳවත් ගිය නැති සේද සාරි ඇඳගෙන දිල්හානි ඒකනයක කුස්සියේ උයනවා. එක මොහොතක පැදුරු පාටියකට යාමට ඇය ඇඳ සිටින සාරියේ පොට දෙකට නමා කටුගසා තිබෙන්නේ, ණයට ගෙනා සාරිය රූපගත කිරීමෙන් පසුව නැවත භාරදීමට ඇති නිසා වන්නට ඇති. මිලියන ගණන් වියදම් කොට තත්ත්පර 30 වෙළඳ දැන්වීම් හදපු දිවුලා මේ කටු ගහපු සාරිපොට දැකලා සිනමාව ගැන දුක හිතිලා, මටත් හෙට අත්වන්නේ මේ ඉරණම මද කියා බියව මේ සම්මානය දෙන්නට ඇති. මිෂෙල් හැමදාම නැගිටින්නේ පාට පාට මාල දමාගෙන නිසා චාන්දනී සහ යශෝදාත් ඒකට එකඟ වෙන්න ඇති.

හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය : චිත්‍රපටය හදන්න අමාරුවෙන් සල්ලි හොයන වෙලාවක ප්‍රධාන සමාගමක් මැදිහත් වෙලා ශී‍්‍ර ලංකේය සිනමාව ගොඩ ගන්න කරපු උත්සාහය, සිනමාකරුවෙක් මෙන්ම ආර්ථික විශේෂඥයෙක් වන හඳයා ඔවුන් කළ සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනමන්න ඇති. තවද ච්බ් කොන්සෝල් එකකින් තොයිලයක් නැටීම මහා අරුමයකි යැයි ඔහුට හිතෙන්න ඇති. රේජිෆොර්ම් වලින් සෑදුනු ගල් කණු ඇති සොහොන්, බිත්තියේ සවිකර ඇති රේජිෆෝම් ඉංගී‍්‍රසි ලාංචන දුටු පියල්ට තමන්ගේ පාසල් වියේ වේදිකා නාට්‍ය මතක් වෙන්න ඇති. මේ පිලිබඳ අනුකම්පාවෙන් ඔවුන් හොඳම කල අධ්‍යක්ෂණය කේ සරාට පරිනමන්න ඇති.

හොඳම විකට නළුවාට හිමි සම්මානය : මේ තරම් විකට අවස්ථාවක් මගේ ජීවිතයටම දැක නැත. ජුරිය විසින් කිසිම නාමයෝජනාවක් නැතැයි පවසා කේ සරා චිත්‍රපටයේ කිචි කවාගෙන හිනා වියයුතු චරිතයකට සම්මානය පිරිනමනවා. ජූරිය දකින විදිහට මහේන්ද්‍ර පෙරේරා, කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ කල රංගනය නාම යෝජනා සඳහා ගෙනඒමට වත් සුදුසු නැති බැවය මෙයින් පැහැදිලිවෙනවා. මේ නවතම මහා විකට නළුවා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට මේ වසරේ ලැබුණු හඳයාගේ දායාදය වන්නට ඇති.

හොඳම දුෂ්ට නළුවාට හිමි සම්මානය : සිනමා පටයක ඉතා කෙටි කාලයක් රංගනයෙන් දායක වී හොඳම දුෂ්ටයාට හිමි සම්මානය දිනාගත් ජගත් සිනමාවේ අවස්ථා අප දැක තියෙනවා. ජාමයවත් බේරගන්න බැරි රංගනයක නිරතවුණු නළුවන් පිරිසක් මැද දමිත් ෆොන්සේකා මතුවී “දොන් කොර්ලියෝනෝ” ගේ නම භාවිතා කිරීම තුලින් හඳයා හා දිවුලා ට්ධඤ ජ්චබඩඥප චිත්‍රපටයට අහුවෙන්න ඇති. පරාක්‍රම අමාරුවෙන් දාපු දැලේ මේ සිනමා කරුවන් දෙදෙනාම පැටලෙන්න ඇති. හොඳම නිළියට හිමි සම්මානය : මෙරව වෙනත් නම යෝජනා නැතැයි පවසා දුන් දෙවන සම්මානය. චාන්දනී හා යශෝදා කොයි තරම් ලංකේය සිනමාවට ආදරය කරනවද කියලා මේකෙන් පේනවා. හඳයා සහ දිවුලා මිෂෙල්ගේ රංගනය සම්මානනීය ලෙස දුටුවේ කොහොමද හා මොනවද කියන එක ගැන දැනගන්න මම අසාවෙන් බලා ඉන්නවා. ස්වර්ණා මල්ලවආරච්චි සමග අවසාන චිත්‍රපටය කල හඳයා, මිෂෙල්ගේ රංගනයේ දැකපු විශිෂ්ටත්වය හරිම පුදුමයි. ජ්චජඥඡධධඬ එකේ හඳයා මේ සම්බන්දව අදහසක් පල කරලා තිබුනා. වෙන කවුරුත් නැති නිසා මිෂෙල්ට සම්මානය දුන්න කියලා. එකට හොඳ උත්තරයකුත් මම දැක්කා , මම එය එලෙසින්ම උපුටා දක්වන්නම්.

“නමුත් ඔබ කියන විදිහට මිෂෙල් ගේ රඟපෑම සම්මානනීයද? නැතිනම් වෙන කවුරුත් නැතිනිසා මිෂෙල්ට දුන්නද? විද්වත් ජූරියක් හැටියට එම සම්මානයට සුදුසු රඟපෑමක් නැතිනම් එය නොදී ඉන්න තිබුනා. දැන් සිද්ධ වී ඇත්තේ ලංකාවේ මහජන ඡන්දය වගේ, අඩුවෙන්ම දූෂිත, අඩුවෙන්ම මැර කෙනාට ඡන්දය දුන්න වගේ, අඩුවෙන්ම නරක නිළියට, හොඳම නිළිය සම්මානය දුන්නා වැනි දෙයක්.”

හොඳම සහය නළුවාට හිමි සම්මානයත් අනිකුත් සම්මාන පිළිබඳවත් මට ඇත්තේ මෙවැනිම හැඟීමක්. මේ චිත්‍රපටයේ හොහොඳයි කියා කියන්නට කිසිම දෙයක් මට ලැබුනේ නැතිබව පවසන්න කමතියි. මීළඟට කූටප්‍රප්තිය…

හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය : ඕනෑම සිනමා කෘතියක සියලුම දේ තීරණය වන්නේ අධ්‍යක්ෂවරයාගේ දැක්ම අනුවයි. ඒ පිලිබඳ සිනමා කෘති 6ක් නිර්මාණය කල හඳයාට සහ එක සිනමා කෘතියක් සහ ටෙලිනාට්‍යයක ගණනාවක් කළ දිවුලාට අමුතුවෙන් මතක් කලයුතු නැහැ. දෙබස් වලින් පමනක් කතාව ගලාගෙන යාම කේ සරා චිත්‍රපටයේ මොවන් දැකපු විශිෂ්ට අධ්‍යක්ෂණය වෙන්න ඇති. විශ්ව විද්‍යාලවල පවා සිනමාව උගන්වන දිවුලා මෙහි දුටු අධ්‍යක්ෂණය හරහා හෙට දවසේ සිනමාකරුවන්ට ඉතා හොඳ පාඩමක් කියන්න උත්සහ කරනවා. එකට හඳයා හා පියල් පවා එකතුවෙනවා. ඹ්ඪදඥ ධට චජබඪධද පවා නොදන්නා අධ්‍යක්ෂවරයෙකුට, ජූරිය හමුවේ හොඳම අධ්‍යක්ෂණය හිමිවෙනවා. එම සම්මානය පිරිනැමීමට ආරාධනා කර තිමුනේ ධර්මසේන පතිරාජට. හඳයා ජූරියේ ප්‍රධානියා හැටියට වේදිකාව මත මහා දාර්ශනික අදහසක් මතුකළා, කාටවත් නොතේරෙන විදිහට. ඒ පිළිබඳවත් ජ්ඕ එකේ මෙවන් අදහසක් තිබුනා.

“ලෙනින් මොරායස් ගේ සිනමාව ලෙනින් මොරායස් සමගත්, ධර්මසේන පතිරාජගේ සිනමාව ධර්මසේන පතිරාජ සමගත් සංසන්දනය කිරීමක් වැනි යයි පැවසූ අසෝක හඳගම හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිදුවේ පරාක්‍රම ජයසිංහ සමග තරඟ කළ පරාක්‍රම ජයසිංහටය. එතකොට නිලේන්ද්‍ර නිලේන්ද්‍රටම පැරදිලා, අන්තිමේදී ලක්සිරි ලක්සිරිටත් පැරදිලා… අපරාදේ, දෙරණට තිබුනේ උපහාර උළෙලක් කිරීම මිස, සම්මාන උළෙලක් කිරීම නොවෙයි.”හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය හා හොඳම තිර රචනය හිමි ‘තණ්හා රති රඟා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හොඳ නොවීම පුදුමයි නේද? සිනමාවේ මූලධර්ම සියල්ල එකතු වූ විට එය අධ්‍යක්ෂණය වන බැවින් කේ සරා හි මේ කිසිම දෙයක් නැතිව අධ්‍යක්ෂවරයාගේ කාර්යය කුමක්ද කියා මට අහන්න වෙනවා. මෙහි ඇති ප්‍රශ්නය හඳයාට හෝ දිවුලාට සිනමාව නොතේරීම නොවෙයි. හඳයා හා දිවුලා සරලවම තමන්ගේ ජූරියේ පට්ටම අමතක කර අධ්‍යක්ෂකගේ සපත්තු දමා ගැනීමය. මෙය සිනමාවේ කුහක කම මනාවට පෙන්නුම්කල කූඨ කූටප්‍රාප්තියයි. කොහේදී හෝ කවදා හෝ මෙම ජූරියට මේ සඳහා උත්තර දෙන්න සිද්ද වේවි.

තවද ශබ්ද නිර්මාණය සඳහා සම්මානයක් නැතිවීම ඉතාමත් විමතියට පත්කළ කාරණයකි. ලක්සිරි හොයන්නේ නිහඬ සිනමාවක්ද? කේ සර චිත්‍රපටයේ හොඳම ගායකයා හා සංගීත නිර්මාණකරුවාගේ නමවත් කියාගන්න බැරිවීම පිලිබඳ දෙරණ වගකිව යුතුයි. මෙතෙක් පැවති සම්මාන උළෙලකදී සිටි ඉතාමත් කුහකම ජූරිය මෙය යයි පැවසීමට මම බය නොවෙමි. හෙට දවසේ සිනමාව හදාරන සිසුවනි, මෙය ඔබට ඉතා හොඳ පාඩමකි. සිනමාව පිලිබඳ නම් නොව, ලංකාවේ කුහකකම් ගැන ඉතා හොඳ උදාහරණයකි. නව සිනමා කරුවෙකුට එලිය බලන්න ඉඩ නොදෙන ප්‍රවීනයන් සිටින මේ රටේ, තරුණයින් කලින් පරම්පරාවට වෛර කිරීම පුදුමයක් නොවෙයි. හඳයා, දිවුලා, පියල්, චාන්දනී හා යශෝදා ශී‍්‍ර ලංකේය සිනමාවට දයාදකළ නවතම අග්‍රගන්‍ය සිනමා කෘතිය ගැන පරාක්‍රම පවා පුදුම වුන හැටි අපි එදා වේදිකාව මත දුටුවා. තණ්හා රති රඟා සහ සැමීගේ කතාව වැනි නිර්මාණ පාගා විනාස කිරීමෙන් තමන්ගේ අනාගතය සුරක්ෂිත වෙයි කියා ජූරියේ සිනමා කරුවන් සිතන්නේනම්, ඔබට අබ සරණයි.

සරසවිය වෙතට මා එවන මෙම ලිපිය පල කිරීමෙන්, සරසවියද වඩා හොඳ ලාංකීය සිනමා කර්මාන්තයක් ගැන සමදා සිහින මවන පුවත්පතක් බව රටට කියාපානු ඇත.

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2