මැයි 5 සිට පත්තිනි 60ක

Avatar Cinema.lk A | April 26, 2016 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

සුමති චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘පත්තිනි’ චිත්‍රපටය මැයි මස 05 වැනි දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් සිනමා ශාලා 60ක ප්‍රදර්ශනය වීමට නියමිත ය. ‘කුස – පබා’ චිත්‍රපටයෙන් පසු පූජා උමා ශංකර් ‘පත්තිනි’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරමින් යළි සිනමාවට එයි. සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උද්දික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ. විනූ සිරිවර්ධන, නීටා ප්‍රනාන්දු, විජයරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, දයා අල්විස්, අවන්ති අපෝන්සු, රමණී සිරිවර්ධන, අමා විජේසේකර, වසන්ත විට්ටච්චි, අනුර බණ්ඩාර රාජගුරු, මධූෂා රාමසිංහ ආදීන් ය. ආරාධිත රංගන රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක සහ ලකී ඩයස්ගෙනි. කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය – බිමල් දුෂ්මන්ත, අංග රචනය – සමීර මධු කි‍ඳෙල්පිටිය, නර්තන අධ්‍යක්ෂණය – චන්දන වික්‍රමසිංහ, සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරණය – මනෝහාරී හේවාවසම්, සහාය අධ්‍යක්ෂණය – විමල් දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනා – නන්දා මාලිනි, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනි, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දමයන්ති ජයසූරිය, සමන් ලෙනින්. විධායක නිෂ්පාදිකා වාගීෂා සුමතිපාල. සම නිෂ්පාදනය ජගත් සුමතිපාල, තිලංග සුමතිපාල.

 

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.