උපන්දිනය දා පියුමි ඉන්නේ ළමයි එක්ක ලු

Avatar Cinema.lk A | July 29, 2013 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

කලා ලෝකයේ ඉන්න හුඟාක් දෙනෙක් තමන්ගේ උපන් දිනයන් මහ ඉහළින් සමරන එක දැන් විලාසිතාවක් කරගෙන නේ.ඒත් නව පරපුරේ දක්ෂ රංඟන ශිල්පිණියක් වුණු පියුමි බොතේජු මේ විකාර වැඩ වලින් මිදිලා,තමන්ගේ උපන්දිනය අර්ථවත් අයුරින් ගත කරන්න යන බව අපට දැනගන්න ලැබුණා.ආරංචියේ හැටියට ඇගේ උපන් දිනය යෙදෙන අ‍ගෝස්තු 11 වැනි දා විශේෂ සද්කාර්යයක යෙදෙන්ට ඈ සුදානමින් ඉන්නවා.ඇය මේ කරන්න යන සද්ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍යයන් වෙත මෙවැනි පිළිතුරක් ලබා දී තිබුණා.

“මගේ මෙවර උපන් දිනය මම සමරන්නේ මාදිවෙල වික්ටෝරියා ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමඟයි. වෙනදා මම වජිර ළමා නිවාසයට දානයක් පිරිනමනවා. මෙවරත් එය ඒ අයුරින්ම සිදුවෙනවා. වික්ටෝරියා ළමා නිවාසයේ දුවා දරුවන් සමඟ මගේ උපන් දිනය ගතකරන්න සතුටින් මම බලාගෙන ඉන්නවා.

මේ අවස්ථාවට මගේ යහළු යෙහෙළියන්, කලා ලොවේ හිතවතුන් හිතවතියන් සහභාගි වෙනවා. මෙවර නම් කිසිම ආකාරයක උපන්දින සාද පවත්වන්න සැලසුම් කර නැහැ. මගේ උපන්දිනය අර්ථවත්ව ගත කරන්නයි මම සූදානම් වෙන්නේ”.

Share

50 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.