Prabasගේ නවතම චිත්‍රපටයට Prithviraj Sukumaran එක් වේද?

Avatar Nisanka Weheraduwa | July 22, 2021 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

පසුගිය දිනයක පැවති live instagram session එකකදී Prithviraj හරි අපූරු තොරතුරක් තමන්ගේ රසිකයින්ට දැනුම් දුන්නා. කලින් සැලසුම් කරගෙන හිටි කාරණයකටත් වඩා ඔහු අතින් එක්වරම මේ ආරංචිය කියවුණා කිව්වොත් තමයි හරි. Instagram Live එක අතරතුරේදී එක් ප්‍රේක්ෂකයෙක් ප්‍රිත්විගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔහු විමසුයේ Prithvi රංගනයෙන් එකතු වුණු අලුත් දමිළ චිත්‍රපටි එහෙම තියෙනවද කියලායි. මොකද කාලයක සිටම Prithviraj දමිළ සිනමා කර්මාන්තයටත් සක්‍රීයව දායක වුණු නළුවෙක් නිසා. ඒ වෙලාවෙදි තමයි ඔහුගෙන් මේ ආරංචිය කියවුණේ.

Prithvi පැවසූ ආකාරයට, විශාල නිෂ්පාදන පිරිවැයක් යොදාගෙන කරන pan-indian movie එකකට ඔහු එකතුවී තිබෙනවා. චිත්‍රපටය භාෂා ගණනාවකින්ව තිරගත කරන්න නිෂ්පාදකයින් සැලසුම් කරන බවත් කියවුනා. ප්‍රාන්ත ගණනාවක දැවැන්ත නළු නිළි පිරිසකගේ එකතුවෙන් සැදෙන මේ සිනමාපටයේ Prithviට වෙන් වෙලා තියන්නේ බොහොම වැදගත් ප්‍රධාන චරිතයක් බවත් පැවසෙනවා. නිෂ්පාදකයින් මේ ගැන ඉක්මනින්ම මාධ්‍ය යාවත්කාලීන කරාවි කියලත් ඔහු පැවසුවා. ඔවුන් තවමත් Official Announcement  එකක් දීලා නැති නිසා වැඩි විස්තර කියන්න හැකියාවක් තමන්ට නැති බවත් ඔහු දැනුම් දුන්නා.

හැබැයි දැන් වෙද්දි බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ මේ ආරංචිය Prabasගේ අලුත් සිනමාපටයත් එක්ක ගෑවෙනවා කියලයි. Prabasගේ Salaar සිනමාපටයේ චරිතයක් වෙනුවෙන් පෙරදී Mohanlalටත් ආරාධනාවක් ඇවිත් තිබුණා. ඉතින් Prithviraj මෙහෙම එකතු වන්නේ Salaar සිනමාපටයටමද නැත්නම් Prabas සහ Nagashwin විසින් කරන්නට යන දැවැන්ත සිනමාපටයටද කියන කුකුස තවමත් තියෙනවා. කොහොම නමුත්, මේ කිසිම ආරංචියක් මේ මොහොත වනවිටත් නිල වශයෙන් නිකුත් කරලා නැහැ. ඇතැම්විට ප්‍රිත්වි කියන මේ දැවැන්ත සිනමාටය මේ චිත්‍රපට දෙකෙන් එකක්වත් නොවී ඇතමුන් ඉඟි කරන Randamoozham හෝ Ponniyin Selvan වැනි නිර්මාණයක් වෙන්නත් පුලුවන්.

මලයාලම් සිනමා කර්මාන්තය තුළ බොහෝ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් හිටියත් ඔවුන් බොහෝ දෙනෙක්ට කේරළ ප්‍රාන්තයෙන් පිටදී සැලකිය යුතු ජනප්‍රියත්වයක් නැහැ. Mohanlal, Mammootty, DQ, Lal වැනි එකම රංගන ශිල්පීන් පිරිසක්ම තමයි මලයාලම් භාෂාමය නොවන නිර්මාණවලට බොහෝ වෙලාවට එකතු වෙන්නේ. නමුත් මෑතකදී මේ තත්වය වෙනස් කරමින් Fahadh Fasil, Roshan Mathew වැනි තරුණ ශිල්පීන් පිරිසකුත් මලයාලමෙන් එහා Audience එකකට ගමන් කරමින් ඉන්නවා.

ඇතැම් තැන්වලදි ප්‍රධාන පෙළේ ඉන්දියානු සිනමා විචාරකයින් පවා Prithviraj Sukumaranව හඳුන්වන්නේ මලයාලමේ ඔටුනු නොපළන් කුමාරයා විදිහට. Mohanlal සහ Mammoottyගෙන් පසු පරම්පරාවට අයිති වෙන ප්‍රිත්වි රංගනයට එකතු වෙන්නේ DQ, Nivin, FaFaලට පෙර කාලයකදී. ඉතින් ඔවුන්ට අතරමැදි වූ  Prithvirajට මලයාලමේ නිසි ස්ථානය හිමි වේදැයි ප්‍රශ්නයක් තිබෙනවා කියලයි ඔවුන් කියන්නේ. හැබැයි Prithviගේ ජනප්‍රියත්වයට මේ කාරණය කිසිවිටෙකවත් බලපෑවේ නැහැ. එදා වගේම අදත්, මලයාලමේ දැවැන්තම ප්‍රේක්ෂකාගාරයක් ඔහුට ඉන්නවා. මලයාලම ඇතුළේ වගේම මලයාලමෙන් පිටත් Prithvirajට ඉන්න ප්‍රේක්ෂකාගාරය සුලුපටු නැහැ. 2005 වසරේ සිට මේ දක්වාම ඔහු සක්‍රීයව non-malayalam projectsවලට දායකත්වය ලබා දුන්නා. ඒ නිසාම ඉන්දියාවේ අනෙත් ප්‍රාන්ත තුළත් ඔහුගේ මූණ හුරුපුරුදු ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා. පහළින් මෙහෙම පෙළ ගස්වා තිබෙන්නේ කේරළයෙන් පිට ප්‍රිත්වි සම්බන්ධ වුණු ප්‍රධානම නිර්මාණ ලැයිස්තුවයි.

2005 – Kana Kandaen   (Tamil)

2006 – Parijatham   (Tamil)

2007 – Mozhi   (Tamil)

2007 – Satham Podathey   (Tamil)

2007 – Kannamoochi Yenada   (Tamil)

2008 – Abhiyum Naanum   (Tamil)

2008 – Velli Thirai   (Tamil)

2009 – Ninaithale Inikkum   (Tamil)

2010 – Police Police  (Telegu)

2010 – Raavanan   (Tamil)

2012 – Aiyyaa   (Hindi)

2013 – Aurangzeb   (Hindi)

2014 – Kavya Thalaivan   (Tamil)

2017 – Naam Shabana   (Hindi)

Prithviraj Sukumaranගේ Urumi සිනමාපටයටත් ප්‍රාන්ත ගණනාවකම ශිල්පීන් එකතු වුණා. Vidya Balan, Prabhu Deva වැනි ප්‍රධාන පෙළේ නලු නිළි පිරිසකගේ එකතුවෙන් සෑදුණු Urumi සිනමාපටය Prithviගේ සිනමා ජීවිතයේද එක්තරා සංධිස්ථානයක්. නමුත් ආසන්න කාලයේදී ප්‍රිත්වි සම්බන්ධ වන ගැන multi-star සිනමාපටයක් පිළිබඳව අපට අසන්නට ලැබුණේම නැහැ. එවැනි පසුබිමකදී තමයි ප්‍රිත්වි එකපාරටම මේ අලුත් සිනමාපටය ගැන තමන්ගේ රසිකයින්ට කිව්වේ. ඉතින් ඔවුන් පුදුම වෙන එක ගැන අහන්නත් දෙයක්ද..?

හැබැයි ඉතින් හරියටම මේ චිත්‍රපටය මොකක්ද කියලා දැනගන්න නම් අපිට තව පොඩි කාලයක් ඉවසගෙන ඉන්නම වෙනවා.

Share

86 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.