Prabhas සහ Shraddha සමග SAAHO අගෝස්තුවේදී
90 Views
0
Ratings
Rate it
බොලිවුඩ් සිනමාට කැමැත්තක් දක්වන සිනමා රසිකයින්ට අපූරු ආරංචියක් මේ. බොලිවුඩ් Action, Thriller චිත්‍රපටයක් අගෝස්තු 30 වැනිදා සිට තිරගත කිරීමට සුදානම්. UV Creations සහ T-series එක්ව නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ Sujeew. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක නිරුපණය කරන්නේ Prabhas සහ Shraddha Kapoor. ක්‍රියාදාම චිත්‍රපටයක රඟපාන සුරූපී Shraddha Kapoor මේ චිත්‍රපටයෙන් ඔබට හමුවනවා. ඒ වගේම Jakie Shroff, Niel Nitin Mukesh, Vennela Kishore ඇතුළු නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
R.Madhi සිනමා කැමරාකරණය සිදුකළ මේ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350ක් වියදම් කොට නිර්මාණය කළ බවත් සඳහන්. අගෝස්තු 30 වැනිදා සිට මේ සිනමාපටය තිරගත කිරීම් ආරම්භ වනු ඇති.
90 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa