Premam චිත්‍රපටයෙන් වසර හයකට පසු Alphonse Puthren නැවතත්.

Avatar Nisanka Weheraduwa | September 9, 2021 204 Views 0 Likes 0 Ratings

204 Views 0 Ratings Rate it

Premam චිත්‍රපටයෙන් වසර පහක් ගත වුණත් Alphonse Puthren විසින් අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකරපු නිසා රසිකයින් වුවත් හිටියේ යම් කිසි කලකිරීමකින්. මොකද, මෑතකාලයේ සාමාන්‍ය මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ට නොහැදුනු විදිහේ රසිකයින් පිරිසක් Premam  නිසා Alphonse Puthren වටේ පෙළ ගැසුනා. මේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව වුණෙත් Alphonseගේ අලුත්ම චිත්‍රපටයක් හැකි ඉක්මනින්ම දැක ගන්න එකයි. අවුරුදු පහක නිහැඬියාවකට පස්සේ අල්ෆොන්සේ පුත්‍රේන් තමන්ගේ ඊළඟ වැඩේ ගැන මුලින්ම දැනුම් දුන්නේ පසුගිය වසරේ මැද භාගයේදීයි. ඒ Fahadh Fasilගේ රංගනයෙන් හැඩ වන Pattu (ගීතය) නැමැති සංගීතමය චිත්‍රපටයක් ගැන. නමුත් පවතින කෝවිඩ් තත්වය නිසාත් Fahadh Fasilගේ අධික කාර්යබහුලත්වය නිසාත්, චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කල් දාන්නට ඔවුන්ට සිදු වුණා.

මේ අතරේදී තමයි, ජනප්‍රිය මලයාලම් නලු Prithviraj Sukumaran විසින් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකදි අධ්‍යක්ෂක Alphonse Puthren සමඟ නිර්මාණය කෙරෙන අලුත්ම සිනමා නිර්මාණයක් ගැන කතාව පටන් ගත්තේ. ඔහු මේ ගැන වැඩි විස්තරයක් නොකිව්වත්, මුලු කේරළයම excite වෙන්න මේ පොඩි ආරංචිය විතරක් හොඳටම ප්‍රමාණවත් වුණා. එක පැත්තකින් Prithviraj Sukumaranව හඳුන්වන්නේ මලයාලමේ ඔටුනු නොපළන් කුමාරයා විදිහට… තවත් පැත්තකින් Pattu කල් ගිය නිසා බලන් ඉන්න Premam රසිකයින්ට මේක මේක තවත් surprise එකක්… ප්‍රිත්විරාජ්ගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන Prithviraj Productions වෙනුවෙන් මෙය නිෂ්පාදනය කරන්නේ ඔහුගේ බිරිඳ Supriya Menon විසිනුයි.

චිත්‍රපටයේ වැඩි විස්තර තවමත් මාධ්‍යයට අණාවරණය නොවුණත් Gold (රත්‍රං) කියන title එක යටතේ චිත්‍රපටය නම් කර තිබෙන බව සඳහන්. Alphonse Puthren තමන්ගේ චිත්‍රපටිවල titles පවා හරිම සරළ තනි නමක් විදිහට යොදාගන්නා කෙනෙක්. මේක මලයාලම් රසිකයින් නම් හොඳටම දන්න කාරණාවක්. ඔහුගේ පළවෙනි චිත්‍රපටයේ ඉඳන් මේ වෙනකන්ම ඒ රටාව දැකගත හැකියි.

2013- Neram (කාලය)

2015- Premam (ප්‍රේමය)

2021- Pattu (ගීතය)

2021- Gold (රත්‍රං)

දැනට කේරළයෙන් ලැබෙන ආරංචි විදිහට ප්‍රිත්විරාජ් සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට තෝරගෙන තිබෙන්නේ Nayanthara බව පැවසෙනවා. තමිල්නාඩුවේ “Lady Super Star” ලෙසින් හඳුන්වන නයන්තාරාව මලයාලම් චිත්‍රපට ගොඩකින් දැකගන්න බැරි වුනත් ඇය රංගනයට පිවිසියෙත් මලයාලම් සිනමාවෙන්මයි. පළවෙනි වතාවට මේ දෙදෙනාව එකම චිත්‍රපටයකින් දැක ගන්න දෙපැත්තේම රසිකයින් ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්. චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු පවා මේ වනවිට ඇරඹි තිබෙන බව සඳහන්. ඔවුන්ට අමතරව දමිළ නලු Ajmal Ameerත් මෙහි උපප්‍රධාන චරිතයකට සම්බන්ධ වී ඇති බව පැවසෙනවා.

කොහොම නමුත් Prithviraj සහ Nayanthara දෙදෙනාම බොහොම කාර්යබහුල රංගන ශිල්පීන් දෙදෙනෙක්. රූපගත කිරීම් අවසන් කරපු Prithvirajගේ සිනමාපට කිහිපයක් ඉදිරියේදී නිකුත් වෙන්න නියමිතයි. මෑතකදි නිකුත් වුණු Kuruthi හි ප්‍රිත්විගේ රංගනයත් බොහොම ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න සමත් වුනා.  ආදායම් වාර්තා බිඳ හෙලමින් තිර ගත වූ Luciferට පසු ඔහුගේ දෙවෙනි අධ්‍යක්ෂණය වන Bro Daddy හි රූගත කිරීමුත් මේ දිනවල සිදුවෙනවා. Nayantharaව අවසාන වරට අපට දැකගන්නට ලැබුණේ Hotstar තුළින් නිකුත් වුණු Netrikann චිත්‍රපටයෙනුයි. Nayanගේ ඊළඟ චිත්‍රපටය, Kaathu Vaakula Rendu Kaadhal අධ්‍යක්ෂණය කරන්නේ ඇගේ සැමියා වන Vignesh Shivan යටතේයි.

Manorama වෙබ් අඩවිය පවසන ආකාරයට චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් කේරළයෙන් බැහැර ප්‍රදේශවල සිදු කරන්න සැලසුම් කොට තිබෙනවා. ප්‍රිත්විරාජ් අධ්‍යක්ෂණය කරන Bro Daddy හි රූපගත කිරීම් අවසන් වූ පසු  සැප්තැම්බර් මුල් කාලයේදී මෙහි වැඩ කටයුතු අරඹන්නටත් නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන බවත් සඳහන්.

Share

204 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.