Sri Lanka's Best Cinema Portal

 

අපූරු විදියකට මධුසමය ගත කළ යුවතිය එක රැයකින් කෝටි 2ක් උපයයි

0
Posted April 21, 2014 by Cinema.lk in News

කලකට පසුව ජූහි චව්ලා හා මධුරී ඩික්සිත් නැවත රිදී තිරයට පැමිණි චිත්‍රපටය වූ “Gulaab Gang (ගුලාබ් ගැන්ග්)” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ දිනයේම තිරගත වීම ඇරඹී “Queen – ක්වීන්” චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳ හෙළමින් තිරගත වන චිත්‍රපටයක් වූයේ කිසිවකුත් නොසිතූ පරිදියි. ක්වීන් චිත්‍රපටය මුල් දින ආදායම පමණක් ඉන්දිය රුපියල් කෝටි 2ක සීමාව පසුකිරීම සමත් වූ අතර සිව්වන සතිය අවසානයේ සමස්ථ ආදායම ඉන්දීය රුපියල් කෝටි 73කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇත.

queen-hindi-movie-review-1024x568

මේ චිත්‍රපටයේ රාණී නම් මධ්‍යම පාන්තික ඉන්දීය යුවතියගේ චරිතයට පණපොවන්නේ Kangana Ranaut (කංගනා රනවුත්) විසිනි. ඇගේ පවුලේ අය සාම්ප්‍රදායික මතයන් දරන්නන් ද වෙයි. විවාහයට දින කීපයක් තිබියදී ඇගේ පෙම්වතා වූ ‘විජේ’ ඇයව හැර දමා යයි. ඉන් කම්පනයට පත්වන රාණී මධුසමය වෙනුවෙන් සැලසුම් කර තිබූ සංචාරයේ තනිවම යෙදෙයි. ලොව පුරා තනිව සංචාරය කරන ඇයට අලුත් මිනිසුන් හමුවන අතර අලුත් අත්දැකීම් ද ලබයි. ඒ හරහා ඇය සිය සැබෑ අනන්‍යතාව හෙළිදරව් කරගන්නා ආකාරය චිත්‍රපටයෙන් දැක්වෙයි.

මෙහි කන්ගනාට හා රාජ් කුමාර් රායිට අමතරව ලීසා හේඩ්න් යෝගේන්ද්‍ර ටිකූ, අල්කා බදෝලා කෞශල්, චින්මායා අග්රවාල් චින්තු ත්‍රිප්තා සහ මිෂ් බොයිෆේ වැන්ෂන් රඟපෑව ද ඒ කිසිවකු බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නළු නිළියන් නොවේ.

queen-movie-poster-5

ඒ වාගේම මේ චිත්‍රපටය අඩු මුදලක් වැය කොට නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙසියි වර්ගකර ඇත්තේ. එලෙස අඩු මුදලක් වැය කර නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වූ නිසාම චිත්‍රපට නිෂ්පාදන කාර්ය මණ්ඩලයට මෙන්ම නළු නිළියන්ටද නොයෙකුත් දුෂ්කරතා විඳීමට සිදුවූ බවත් පැවසෙනවා. මෙලෙස නොයෙකුත් දුෂ්කරතා මධ්‍ය යේ වුවත් රසික රසිකාවියන් පිනවිය හැකි චිත්‍රපටයක් නිපදවීමට හැකි වීම පිළිබඳව තමනුත් තම කාර්යමණ්ඩලයත් සතුටු වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන විකාස් බාල් මාධ්‍ය වෙත පවසා සිටියා.

queen-wallpaper-01-12x9 K Kangana-Ranuat-hot-pic6

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2