සනි ලියොන්ව ඉන්දියාවෙන් පිටුවහල් කළ යුතුයි

Avatar Cinema.lk A | April 7, 2014 25 Views 0 Likes 0 Ratings

25 Views 0 Ratings Rate it

බොලිඩුඩයෙන් ඇහෙන ආරංචි වලට අනුව මේ දවස්වල බොලිවුඩයේ කතාබහට ලක්වෙන චිත්‍රපටය වෙලා තියෙන්නේ සනී ලියෝන් රඟන “රාඟිනි MMS 2“ චිත්‍රපටයයි.වෙනත් බොලිවුඩ් චිත්‍රපට හා බලද්දී ඉතා අඩු පිරිවැයක් දරා නිපදවා ඇති මෙම සිනමාපටය මුල් සතිදෙක නිමවෙන්නටත් මත්තෙන් ඉන්දියානු රුපියල් කෝටී 25ක් හොයන්නට සමත්වෙලා.මේ වන විට සුපර් හිට් කලාපයේ ඉහලින් වැජඹෙන මේ සිනමාපටයේ මේ තරම් ආදයම අතින් සාර්ථක වෙන්න සනී ලියෝන් ගේ සරාගී රංඟනය වගේම මෙම චිත්‍රපටයට ඉන්දියාවේ තුළ වු වීරෝධයද තදින් බලපාලා තියෙනවා.

සමහර ආගමික හා සමාජසේවා සංවිධාන මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වහාම තහනම් කර එහි ප්‍රධාන නිළිය වූ සනි ලියොන්ව ඉන්දියාවෙන් පිටුවහල් කළ යුතුයි කියා විරෝධතාවක් සංවිධානය කර තිබුණා.මොවුන් විසින් මෙම විරෝධතා අතරතුර,මෙම විරෝධය සටහන් කළ ලේඛනයක් එම සංවිධානය විසින් පසුගිය දා චිත්‍රපට සහතික නිකුත් කරන ඉන්දීය මධ්‍යම මණ්ඩලයට භාර දෙනු ලැබුවා. එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ චිත්‍රපටය තහනම් නොකළොත් තම සංවිධානය සිනමාහල් ඉදිරිපිට දී දැවැන්ත විරෝධතා පවත්වන බවයි.කොහොමඋනත් මේ දේවල් නිසා “රාඟිනි MMS 2“ සිනමාපටයට අමතර ප්‍රචාරණයක් නොමිලේම ලැබී තියෙන හැඩයි.

මෙම සංවිධාන ඉදිරිපත් කළ විරෝධතා සටහනේ උපුටනයක් පහිතින් දැක්වේ.

“මේ චිත්‍රපටයෙන් භාරතයේ සංස්කෘතියට, එහි අභිමානයට සහ හින්දු ජාතිකයන්ගේ ආගමික ඇදහිලිවලට විශාල අගෞරවයක් සිදුකර තිබෙනවා. එමඟින් ඉන්දීය සමාජයේ අසහනකාරී තත්ත්වයක් මතු කරලා. මෙහි ප්‍රධාන නිළිය සනි ලියොන් නම් වූ අපකීර්තිමත් තැනැත්තියක්. ඇගේ රඟපෑම් නිසා ඉන්දීය තරුණ පරපුර නොමගට යොමු වෙනවා. වර්තමානයේ ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ ඉහවහා ගිහින්. දිනපතාම මෙවැනි අතවර කිරීම් අහන්න ලැබෙනවා………….

………..විශේෂයෙන්ම මෑතකදී තිරගත වුණ මෙවැනි චිත්‍රපටවල සනි ලියොන් රඟපෑ දර්ශන භාරත සංස්කෘතියේ සීමා මායිම් ඉක්මවා ගිය බව කවුරුත් දන්නවා. මෙවැනි අසභ්‍ය චිත්‍රපට තිරගත වීමෙන් සිදුවන්නේ භාරතය තුළ දුරාචාරය තව තවත් වැපිරීමයි.”

[18+] Ragini MMS – රාගිනි එම් එම් එස් (2011) – watch now

Share

25 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.