RAMBO – The Last Blood ලොව පුරා තිරගත කෙරෙයි

Avatar Nisanka Weheraduwa | September 18, 2019 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

ලෝකය පුරා සිනමා රසිකයින් අතර දශක ගණනාවක් තිස්සේ එකලෙස ජනප්‍රියතාව රැකගත් RAMBO චිත්‍රපට ගැන හොලිවුඩ් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. 1982 වර්ෂයේ නිර්මාණය වන පළමු RAMBO චිත්‍රපටයේ සිට මේ දක්වා මේ නම පවා අතිශය ජනප්‍රියයි. චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන නළුවා වන Sylvester Stallone ලෝකය පුරා ජනප්‍රිය වුනෙත් RAMBO නමින්මයි.

මේ චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටය තිරගත කිරීමට දැන් සියල්ල සුදානම්. RAMBO – The Last Blood ලෙස මේ නිර්මාණය නම්කොට තිබෙනවා. වයසින් මුහුකුරා ගිය රැම්බෝ සිය පවුල සහ ආදරණීයයන් වෙනුවෙන් ජීවිතය පවා නොතකා සටන් කරන්නට තීරණය කිරීම පදනම් කරගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා.

එළඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට ලෝකය පුරා සිනමාලෝලින්ට මේ චිත්‍රපටය නැරඹීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ බොලිවුඩ් සිනමා රසිකයින්ට, විශේෂයෙන්ම රැම්බෝ රසිකයින්ටත් මේ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටය මෙරටට ගෙන්වා බෙදාහරින්නේ Movie Works private Limited ආයතනය විසින්. නැතිනම් Lite Cinemas සමූහය විසින්. ඒ අනුව දිවයින පුරා ඇති Lite සමූහයේ සිනමාහල් වල ඔබට රැම්බෝ චිත්‍රපටය නැරඹිය හැකියි,

Nikado  – කඩවත

Liberty Lite  – කොල්ලුපිටිය

Amity Lite  – මහරගම

Sky Lite 3D  –  මාතර

Vista Lite  –  ජා ඇල

Osaka Lite  –  නිට්ටඹුව

MaxX Lite  –   මොරටුව

New TP 3D Cinema  –  කඩුවෙල

ඔබත් හොලිවුඩ් ක්‍රියාදාම සිනමාවට කැමති විශේෂයෙන්ම රැම්බෝ  රසිකයෙක් නම්, 20 වැනිදා සිට දිවයින පුරා lite සමූහයේ සිනමාහල් වලදී RAMBO – The Last Blood  සිනමාපටය ඔබට නැරඹිය හැකියි.

Share

67 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.