රාණී මුඛර්ඡී මව් පදවියට
රාණී මුඛර්ඡී කියන්නේ මීට දශකයකට පමණ පෙර හින්දි සිනමාව ඔපවත් කළ තාරකාවක්.බොලිවුඩ් නිෂ්පාදකවරයෙක් වු ආදිත්‍ය චොප්රා සමඟ පසුගිය වසරේ විවාහ වුනු ඇය මෑතකදී වැඩිය සිනමාපට වල පේන්න හිටියේ නැ.ඇය අවසන් වරට රඟපෑවේ “මර්ධානී“ චිත්‍රපටයේයි.රාණීගේ පවුල බොලිවුඩ් සිනමාවේ යුග යුග ගණන් ඔපවත් කළ දැවැන්ත පවුලක්. අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් ඔවුන් දුර්ගා පූජා උත්සවය සැමරුවේ මහ ඉහළින්. පසුගිය වසර කිහිපයම මුඛර්ජි පවුලේ දුර්ගා පූජාව පවත්වන්න සියලු කටයුතු කලමනාකරණය කළේ රාණි මුඛර්ජි විසින්.
දුර්ගා පූජාවට මුඛර්ජි පෙළපතේ සියලු දෙනාම සහභාගි වීම චාරිත්‍රයක්. වත්මන් පරපුරේ කාජල් සහ තනීෂාත් මේ අවස්ථාවට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. වෙනදා වගේම මෙවර උලෙළ රාණි විසින් කලමනාකරණය නොවන බව තමයි ආරංචි වෙන්නේ. මේ අවුරුද්දෙ මෙතෙක් පැවැති වෙනත් උත්සව අවස්ථාවලටත් ඇය සහභාගි වෙලා නැහැ.
රාණි මේ දිනවල නගරයේ කලබලකාරීත්වයෙන් තරමක් ඈත් වෙලා බොහොම නිදහසේ කාලය ගත කරන බවත් ආරංචියි. ඇය මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බවටත් ආරංචි ගෙන එනවා.බොලිවුඩ් ගොසිප් වෙබ් අඩවි සදහන් කරන විදියට තව ටික දවසකින් මේ කතාවේ ඇත්ත නැත්ත සහ සුද්දෙන්ම රාණිගෙන්ම දැන ගන්න ලැබේවී ලු..
