Sri Lanka's Best Cinema Portal

 

රොබෝ කොප්ගේ දෙවෙනි ආගමනය

0
Posted February 12, 2014 by Cinema.lk A in News

කුඩා කළ අප ආදරේ කළ වීර චරිතයන් අතර රොබෝ කොප් චරිතයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.කුඩා ළමුන් කොතෙකුත් මේ අර්ධයක් රොබෝවක්,අර්ධයක් මිනිසෙකු වු මේ චරිතයට ආදරේ කරාද කියතොත් ඔවුන් මේ චරිතය අනුකරණය කරන්න පවා පුරුදුව සිටියා.රොබෝ කොප් සිනමා පටයක් ලෙස මුලින්ම කරළියට පැමිණියේ 1987 වසරේයි.පීටර් වෙලර් ප්‍රධාන චරිතයට පණ පෙවු පැරණි රොබෝ කොප් ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වුන වීර චරිතය වුවා.පසුකලෙක මේ චරිතය ඇසුරු කරගෙන මාලා ටෙලි නාට්‍යය හා වීඩියෝ ගේම් කරළියට පැමිණියත් මෙහි සිනමා නිර්මාණයක් නැවත බිහි වුනේ නැ.

නමුත් 2005 වසරේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵයක් වශයෙන් 2011 වසරේ ගිවිසුම් අත්සන් කිරිමෙන් අනතුරුව 2012 වසරේ දී රොබෝ කොප් සිනමා පටය ප්‍රතිනිර්මණය කිරීමට දෙවෙනි සැලැස්මක් ක්‍රියාත්මක වුනා.2012 වසරේ රූ ගත කිරීම් ආරම්භ කළ මේ සිනමා පටය 2013 වසරේ සියලු වැඩ නිම කර 2014 වසරේ පෙබරවාරි මස 12 වෙනිදා සිට ත්‍රිමාණ සිනමා සිතුවමක් ලෙසින් නැවතත් චිත්‍රපට ලෝකයට පැමිණෙනු ඇති.

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2