ROMA – පුරුෂාධිපත්‍ය ගැන සරල කියවීමක් විතරයි
සටහන : බුද්ධි වික්‍රමාරච්චි
රෝම (ROMA)
——————-
මා යෝජනා කරනවා සිනමාවට කැමති සියලු දෙනාටම රෝමා බලන්න කියලා. එය ඉරිදා හැන්දෑවක් භවාත්මකව ගෙවා දැමීමට හොඳ පරස්තාවකි.
එත් මගේ චෝදනාව මෙය ප්‍රාඥව අවදි කරණ නිර්මාණයක් නොවේ යන්නය. චිත්‍රපටයේ සියලු කාරණා යොදාගෙන ඇත්තේ භාවයන් අවදිකර ඒ මතින් අපව රවටා ගැනීමටය. ප්‍රධන චරිතයට යොදාගෙන ඇත්තේ දුටුපමනින් අනුකම්පාවක් ඇතිවන ස්වදේශීය තරුණියකි. ඇගේ චරිතය කිසිදු සංකීර්ණත්වයක් නැති පැතලි රොටියකි. පෙම්වතා අතින් දුෂණයවී පසුව මල දරුවකු ප්‍රසුත කරණ ඇයට සිදුවන්නේ දුක හිතෙන දේවල්මය. සාධු චරිතයක් වන ඇගේ මුලික අරමුණ අපේ අනුකම්පාව දිනා ගැනීමය. ඇගේ පෙම්වතා ජනප්‍රිය සිනමාවේ දුෂ්ටයෙකු තරම් දුෂ්ටය.
ඇගේ ස්වාමිදුවගේ සැමියා හැර යෑමෙන් පසුව අපට බලන්නට ඇත්තේ සැමියා හැරගිය පසු කාන්තාවක් මුහුණදෙන ඉතා සුලබ කතාවක්ය. කුඩා දරුවන් සහිත මේ පවුල නිසා චිත්‍රපටිය ගැන අපේ දුක තවත් වැඩිවෙයි. එමෙන්ම සමස්ථ චිත්‍රපටයම පුරුෂ ආධිපත්‍ය ගැන සරල කියවීමකි.
දැන් පොඩ්ඩක් මේ තරුණිය හා බව දුක හා බව කර්ම චිත්‍රපටයේ ස්වර්ණාගේ චරිතය සසදන්න. ස්වර්ණාද මුහන්දිරම් අතින් දුෂණය වේ. නමුත් බලන්න ධර්මසිරි බණ්ඩාරනායක ස්වර්ණාගේ චරිතය කොතරම් දුරකට ගෙන ගොස් තිබෙනවාද? සංකීර්ණ චරිතයක් ගොඩ නගන්නේ එසේය.
කැමරාව හා සංස්කරණ යොදාගෙන ඇත්තේද භාවායන් උගස් කරගෙනය. අඩුවෙන් ඇති දෙබස් වල කිසිදු බුද්ධිමය සංවාදයක් නැත. ගැබුරු චරිත විවරණ නැත. මෙවැනි සරල සිනමාපට සිරා කිරීමට කරන්නේ යම් දේශපාලන ලුණු ඇඹුල් ටිකක් එකතු කිරීමය. ඉඩම් පිලිබඳ ප්‍රශ්නයක් හා ශිෂ්‍ය කැරලිකොහලයක් ඒ වෙනුවෙන් ඔබා ඇත.
අවසානයේ ළමයෙකු දියේ ගිලීමට ගොස් බේරෙන දර්ශනයක් ඇත. එමගින් අපගේ කුතුහලය අනුකම්පාව දිනා ගැනීමට සමත් වී ඇත. කතාවට බලෙන් එකතුකර ඇති එය උසස් සිනමාවකට තරම් නොවෙන බාල ප්‍රයත්නයකි.
මෙවැනි චිත්‍රපට වලට අදද සම්මාන ලැබේ. පනහේ දශකයි පසුව සිනමාව දියුණුවක් ලබා නැති බවට මෙය එක් නිදසුනකි.
Written by Nisanka Weheraduwa